දේශීයව මෙන්ම මෙරටට පැමිණෙන විදේශිකයන් අතරද අතිශයින් ජනප්‍රිය ආහාරයක් වන “කොත්තු රොටි” සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාව විසින්

ලබාගත යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු එබව කියා සිටියේ ඊයේ (08) දින පාර්ලිමේන්තුව අමතමිනි.

බොහෝ දෙනෙකු ආහාරයට ගන්න පීසා වල අයිති ඇත්තේ ඉතාලිය සතුව බවත් එබැවින් කොත්තු රොටි සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

පීසා මෙන්ම විවිධකරණය වූ කොත්තු මිලට ගැනීමට හැකියාවක් ඇති නමුත් අද වෙනතුරු කිසිවෙකුත් කොත්තු සඳහා පේටනට් අයිතිය ලබාගෙන නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසිය.

මඩකලපුවෙන් පටන් ගත් කොත්තු රොටී අද වන විට අයිස්ක්‍රීම් කොත්තුව දක්වා වර්ධනය වී ඇති බවත් කොත්තුවේ පේටන්ට් අයිතිය අනිවාර්‍යයෙන්ම මෙරට සතු කරගත යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.





චරිතගේ කොත්තු කතාවට විෂ්ණු වාසු ගෙන් ප්‍රතිචාරයක්


පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ගේ කොත්තු කතාව සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වා ඇති සංගීත සමාජවිද්‍යා පර්යේෂක විෂ්ණු වාසු පවසන්නේ, කොත්තු රොටියේ උපත සිදුවන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රිකයේ තින්ඩිවනම් ගමෙන් බවයි.

විෂ්ණු වාසු තවදුරටත් මෙසේ පවසයි.

''මිතුරනි කොත්තු රොටියේ ඉතිහාසය පිළිබඳව විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා අප අසා තියෙනවා. අළුත්ම අදහස දැන් ටිකකට කලිං පාර්ලිමේන්තුවේදී. අදහස චරිත හේරත්ගේ.

ඔන්න අහගන්ට මදුරාසි සංගීත ඇකඩමියේ ශිල්ප හදාරන කාලයේ කොත්තු රොටියේ උපත හා සමග බැදුනු සංගීතය යන මාතෘකාව යටතේ කළ ගවේෂණයක ප්‍රථිපල.

තින්ඩිවනම් ගම පිහිටා තියෙන්නේ තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රිකයේ. ඉන්දියාවේ ප්‍රාන්ත තුනක්, තමිල්නාඩු, කර්නාටක හා අන්ද්රා සම්බන්ධ කරන ප්‍රධාන අධිවේගී මාර්ග තුනක්ම මේ ගම හරහා වැටී තිබෙන නිසා මෙය භූගෝලීය වශයෙන් වැදගත්කමක් තියෙන ගමක්.

දකුණු ඉන්දියානු කුල ධූරාවලියේ පහළම ස්ථානයට අයත් පරයා කුලයට අයත් බහුතරයක් වෙසෙන මේ ගම්මු ගොවිතැනින් ජීවත්වෙන අය. මේ හැරැනු විට මොවුන් පරයා නැතිනම් තප්පු කියන බෙර වාදනයට උපන් හපන්නු. ජීවිතයේ සියලුම විශේෂ අවස්ථාවලදී මොවුන් තප්පු වාදනය කරනවා. උපත, මඟුල, මරණය ආදී සෑම විශේෂ අවස්ථාවකදීම මොවුන් තප්පු වාදනය කරනවා. මොවුන් සියලු දෙනාගේ ජීවිත තාල වලින් පිරිලා.

මේ තින්ඩිවනම් ගමේදී තමයි තමිල්නාඩුවේ සිට ලොරිවලින් ගෙන ආ කුකුල් පොහොර තොගය කර්නාටකයේ සිට රැගෙන ආ ගෑස් සිලින්ඩර තොගයට හුවමාරු කරගන්නේ.

මේ ගමේදිම තමයි විජවයාඩා සිට ගෙන ආ සිනමා පෝස්ටර් තොගයට මදුරෙයි සිට ගෙන ආ පොල් තොගයට මාරු කරගන්නේ.

මෙතැනදි තමයි බැංගලෝරයේ සිට ගෙන ආ මී අඹ තොගය විශාඛාපට්නම් සිට ගෙන ආ තීන්ත ලොරියට පටවා ගන්නේ.

මෙතන හරියටම පුංචි පහේ තොග හුවමාරු මධ්‍යස්ථායක් වාගේ දවසේ විසිහතර පැයේ ම ගනුදෙනු සිද්ධ වෙනවා.

අධිවේග මාර්ග හැදෙන්නට කලිං හැත්තෑ ගනන්වල ඉඳලම තින්ඩිවනම් ගමේදි මේ ගනුදෙනුව සිද්ධවුනා.

මේ ලොරිවලින් පැමිණෙන පිරිසට ආහාර සප්පායමට පුංචි පුංචි කඩවල් දෙක තුනක් තින්ඩිවනම් ගමේ පටන් ගැනුණා. හැබැයි පහු පහු වෙනකොට කඩෙන් කඩේ එකතු වී අද වන විට කඩවල් තිහක් හතලිහක් විතර හැදිලා තියෙනවා.

සිලෝන් පරතා දෙක තුනයි, කන් කරියයි, ලූණු සම්බෝලෙටයි තමයි බහුතරයගේ කැමැත්ත. (තමල්නාඩුවේ සමහර ගම්වල තවමත් පරාතා හදුන්වන්නේ සිලෝන් පරාතා කියලා)

ශ්‍රී ලංකාවේ භාවිත දෙමළ භාෂාවෙන් වෙට්ටිත්තාංග කියන්නේ පුංචියට කපලා දෙන්න කියන එක. නමුත් මේ තින්ඩිවනම් ගමේ භාවිත දෙමළ උප භාෂාවට අනුව පුංචියට කපනවාට කියන්නේ කොත්තිත් තාංග කියලා. රෙන්ඩ මූණු පරාතා කොත්තිත් තාංග කියන්නේ පරාතා දෙක තුනක් කපලා දෙන්නඩ කියන අර්ථය.

ලොකු චිකන් කෑල්ලකුත් එක්කලා පුංචියට කැපූ පරාතා රොටි වලින් පිළියෙල කරගත් ආහාරයට කොත්තු කියලා නම වැටුනා කියලා තමයි අපේ නඩේගුරා අපට විස්තර කළේ.

දැන් මේ තින්ඩිවනම් ගමේ බහුතරය වෘත්තීය තප්පු බෙර වාදකයින් නිසාත් ඔවුන් ඉතා සංකීර්ණ තාල වාදනයට උපන් හපනුන් නිසාත් එකවර විස්සක් තිහක් ලස්සනට, හරි හැඩට, තාලෙට කොත්තු කොටන හඩ හරියටම සංධවනියක් වාගෙයි ඇහෙන්නේ. අප එහි ගියේ සංගීත සමාජවිද්‍යා පර්යේෂකයින් [Ethnomusicology reseachers] ලෙස නිසා අප සොයාගත් තවත් තොරතුරු ගොඩයි. ඒවා හමුවූ විටෙක කියන්නම්.

දැන් මේ සටහන කියෙව්වාට පස්සේ චරිතගේ කොත්තු පේටන්ට් බලපත්‍ර සිහිනය බොඳ වුනානං අනේ මට සමාවෙන්න.


මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ -විෂ්ණු වාසු(විෂ්ණු වාසු)
March 8th 2022

 

275292184 4900573933369513 4313030957705952867 n                                             සමාජ මාධ්‍යයේ පළවු පොස්ටුවකි.



 


Leader Whats app

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්