ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදුකළ ප්‍රකාශය ධනාත්මක කරුණක් බව සජබ පාර්ලිමේන්තු

මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

Parliament of Sri Lanka - Eran Wickramaratne



ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිනි.

රටේ මේ වන විට උද්ගතවී ඇති අර්බුදය කිසිසේත්ම තමා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (මාර්තු 16) රාත්‍රියේ ජාතිය අමතමින් අවධාරණය කරමින් පැවසුවේ, වසරකට ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තමා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවයි.

ඔහු තවදුරටත් පැවසූවේ එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, තමා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දීමට බවයි.

 

''ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්." ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.

 

"ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි." ඔහු සඳහන් කළේය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා."


ඒ කතාව පිළිගන්න බැ ...


වත්මන් ආර්ථික අර්බුදය තමන් විසින් නිර්මාණය කළ එකක් නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ කතාව කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බව 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේය.  

Parliament of Sri Lanka - Eran Wickramaratne



"ගත් ක්‍රියාමාර්ගවල වගවීම භාර ගන්නවා"


තමා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම භාර ගන්නා බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් අවාධාරණය කළේය.

ඔහු පවසා සිටියේ "මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා" යනුවෙනි.

"එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා." යැයි ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

 

"මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා." ජනපති පැවසීය.

 

ඔහු පෙන්වා දුන්නේ අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ ‍දීමට සිදු වූවක් නොවන බවයි.

"මුළු ලෝකයම නොයෙක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා." ජනපති පැවසීය.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.


සබැඳි පුවත් :


ජාතිය අමතා හැඟුම්බර කතාවක් - 'විශ්වාසය කඩකරන්නේ නැ'

 

ජනාධිපතිගේ සෙන්සර් ගිහින්! | අද ගොසිප් එක

 




The Leader TV අද වීඩියෝ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්