ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇරියුමෙන් පැවැත්වෙන සාකච්ජා දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවට බලහත්කාරයෙන්

අතුරුදහන් කළවුන්ගේ ඥාතින් අවධාරණය කර තිබේ.

''ජනාධිපති එක්ක කතා කරන්න දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ යනවා නම් ඒක අතුරුදහන් කරපු අයට කරන ද්‍රෝහිකමක්,'' යැයි අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා යෝගරාජා කනගරංජනී පවසන්නීය.

යාපනය මාධ්‍ය සමාජයේදී මාර්තු 22 වැනිදා පැවති පුවත්පත් සාකච්ජාවකට එක් වූ ඇය පෙන්වා දුන්නේ ජනාධිපති සමග කතා කරන්නට උනන්දු වන දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් හා මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මුල්වී සාකච්ඡා වර්ජනය සඳහා තීන්දුවක් ගත් යුතු බවයි.

''ආණ්ඩුව වැටිලා ඉන්න මේ වෙලාවේ සාකච්ජා කරනවට වඩා අපිට සාධාරණයක් ලබා ගන්න එකතුවෙන්න ඕනෑ.''

''බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින්  අතුරුදහන් කරපු අපේ දරුවන් ගැන සියළුම දෙමළ දේශපාලඥයෝ එකතුවෙලා  කතා කරනවා නම් අපිට කරලා තියෙන අවනීතියට හඬක් නඟනවා නම්, ඒක තමයි කළ යුත්තේ,''යි කනගරංජනී මාතාව සඳහන් කරන්නීය. 

 
 
The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 

 

Leader Whats app


 

 

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image