leader s

මෙතෙක් බැසිල් රාජපක්ෂගේ ඒකාධිකාරය යටතේ තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මෙහෙයවීම නාමල් රාජපක්ෂ අතට පත්කර ඇත.

නැගීඑන තරුණ බලවේගයට මුහුණදීම සඳහා පොහොට්ටු මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීම නාමල් රාජපක්ෂ වෙත පැවරී තිබේ.

අන්තර් කාලින ආණ්ඩුවක කිසිඳු තනතුරක් බාර නොගැනීමට තීන්දු කර ඇති නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා, ඉදිරි මස කිහිපය තුලදී 'පොහොට්ටු' පක්ෂය සංවිධානය කිරීමට බලාපොරොත්තුවන බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.



අගමැති මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නායකයා වුවද ඔහුට මේ දක්වා කිසිඳු වගකීමක් පවරා නොතිබිණ. එසේම නාමල් රාජපක්ෂ වෙත ද මෙතෙක් කිසිඳු තනතුරක් හෝ වගකීමක් පවරා නොතිබුන අතර එම පක්ෂ මුළුමනින්ම ක්‍රියාත්මක වුයේ බැසිල් රාජපක්ෂ සතු පෞද්ගලික සමාගමක් ලෙසිනි.


පොහොට්ටු පක්ෂයේ නිලධාරීන් සියල්ලම පාහේ බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින්ගෙන් පමණක් සමන්විතවිය. ජනාධිපතිවරයාට හෝ එහි කිසිඳු තනතුරක් හිමි නොවිය.

කෙසේවුවද රටපුරා බුර බුරා නැගෙමින් එන බැසිල් විරෝධයත් සමග පොහොට්ටු පක්ෂය මෙහෙයවීම නාමල් රාජපක්ෂ වෙත පැවරීමට රාජපක්ෂ පවුල විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔහු අද උදැසන ම  නෙලුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලයට ගොස් වැඩ ආරම්භකර තිබේ.

වහාම පක්ෂයේ ප්‍රධානින් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කැඳවා ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, මතුව ඇති අර්බුදයට මුහුණදීම සඳහා පක්ෂය සංවිධානය කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
 
 
 
The Leader TV අද වීඩියෝ 
 

 

 
 

Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්