1200 x 80 DMirror

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී ඇත. ඒ අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදීය.



ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ, අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමිනි.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල සහායෝගය දැක්වූ බවයි.

මෙහිදී විරෝධතාකරුවන් ඇයට හූ තබා පන්නාගෙන ඇති බවත් වාර්තා වේ.


(kubiyonews.com)



The Leader TV අද වීඩියෝ 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය