තරුණ ජන අරගලයට සහය පළකරමින් ඉදිරි දින කිහිපය තුලදී විවිධාකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මෙරට ප්‍රකට වෘත්තීය සමිති ගණනාවක් මේ

වනවිට තීන්දු කර තිබේ.

ඒ අනුව, වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසින් ජන අරගලයට සහාය පල කරමින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන අප්‍රේල් 16 දින ප.ව. 2 ට ගුරු මැදුරෙන් ආරම්භව ගෝල්පේස් දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.

'සමස්ත රටවැසියාම මුහුණ දී ඇති ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයෙන් මේ රට ගොඩ නැගීම සඳහා එක්ව සටන් වදිමු යයි' ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නිදහසින් පසු ගත වූ 74 වසරක කාලය තුල තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කළ දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් රට අගාධයට ඇද දමා ඇති අතර අද රට මුහුණ දි ඇති ආර්ථික , සමාජීය හා දේශපාලන අර්බුදයට අඩු වැඩි වශයෙන් ඒ සියළු දෙනාම වගකිව යුතුය.

 

මෙතෙක් රට පාලනය කළ පාලකයින් විසින් අනුගමනය කලා වූ අමනෝඥ, ආර්ථික ප්‍රතිපත්ති හා දුෂණ වංචා හේතුවෙන් රට මේ වන විට රුපියල් කෝටි 17,414.00ක ණය කන්දක හිර කර ඇති අතර ඒක පුද්ගල ණය බර රුපියල් 794,434ක් දක්වා වැඩි කර උප නූපන් සෑම පුරවැසියෙකුම ණයකරුවන් බවට පත් කර ඇත.

 

පවතින ජනතා පීඩනය දඩමීමා කරගෙන රටේ විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන කණ්ඩායම් බලය සඳහා අරගලයක නිරතව ඇති අතර එකී කිසිම දේශපාලන පක්ෂයකට රට ගොඩනැගීමේ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සහිත විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නැත. ඔවුන් විසින් සමාජගත කරනුයේ හුදු සංකල්පමය යෝජනා පමණකි.

රට අගාධයකට පත්ව ඇති මේ මොහොතේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු වෘත්තීයවේදීන්ට විශාල වගකීමක් පැවරී ඇත.

එම ඓතිහාසික වගකීම උරමත දරා ගනිමින් ලංකා බැංකු සේවක සංගමය විසින් පොදුදේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේද සහයෝගය සහිත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවෙහි නායකත්වයෙන් පහත දැක්වෙන ක්‍රියාමාර්ග මේ වන විට දියත් කර ඇත.

1) අප්‍රේල් 05 දින ලංකා බැංකුව ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගය.

2) අප්‍රේල් 06 දින මහජන බැංකුව හා HDFC බැංකු ප්‍රධාන කාර්‍යාල සේවකයින් දැනුවත් කිරීමට මහජන බැංකු ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට පැවති දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගය.

3) අප්‍රේල් 06 දින NSB බැංකුව හා SMIB බැංකු ප්‍රධාන කාර්‍යාල සේවකයින් දැනුවත් කිරීමට NSB බැංකු ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට පැවති දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගය.

4) අප්‍රේල් 07 දින RDB බැංකුව ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගය.

5) අප්‍රේල් 07 දින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් කොටුව දුම්රියපල ඉදිරිපිට පැවත්වූ විරෝධතා පිකට් උද්ඝෝෂණය හා ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදා හැරීම.

6) අප්‍රේල් 07 වන දින හදිසි විධායක සභාවක් කැද්වීම හා එහිදී පහත යෝජනා අනුමත කිරිම.

       1) මෙම පාලන තන්ත්‍රය වෙනස් කලයුතු බව.
       2) ඒ සදහා පුලුල් සංධානයක් ගොඩනැගීම.
       3) වැඩ වර්ජනයක් ඇතුලු ඕනෑම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා අනුමැතිය ලබාදීම.

7) අප්‍රේල් 08 දින වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ලිප්ටන් වටරවුමට කැදවා තිබූ විරෝධතා පිකට් උද්ඝෝෂණය සදහා සහභාගීත්වය ලබාදීම.

8) රටතුල ගොඩනැගෙන වත්මන් අර්බුදය හා බැංකු පද්ධතිය පිලිබදව අප්‍රේල් 11 දින බැංකු සේවක සංගම් මූලස්ථානයේ මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීම.

9) වත්මන් සමාජ,ආර්ථික හා දේශපාලන අර්බුදය සදහා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි යෝජනා ඉදිරිපත් කරමින් අප්‍රේල් 12 දින බැංකු සේවක සංගම් මූලස්ථානයේ මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීම.

10) විවිද පෙරමුණු ඔස්සේ සටන් වදින වෘත්තීය සමිති එක් තැනකට ගොනු කරමින් අප්‍රේල් 12 දින CMU හිදී ඒකාබද්ද වෘත්තීය සමිති රැස්වීමක් කැදවීම හා එම පුලුල් පෙරමුණ ගොඩනැගීම වෙනුවෙන් සම්බන්ධ වූ වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන්  ගෝල්ෆේස්හි ගෝඨාගෝගම පරිශ්‍රයේ විරෝධතා පිකට් උද්ඝෝෂණයක් සිදුකිරීම.

ඊට අමතරව ඒකාබද්ද වෘත්තීය සමිති පෙරමුණ  ඔස්සේ පහත දැක්වෙන ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම.

    1) අප්‍රේල් 16 වන දින සියලුම වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විරෝධතා පිකට් උද්ඝෝෂණයක් සංවිධානය කිරීම.

    2) අප්‍රේල් 20 දින විරෝධතා දිනයක් ලෙස නම්කිරීම.

    3) අප්‍රේල් 18 දින සියලුම වෘත්තීය සමිති කැදවා සමස්ත වැඩකරන පංතියේ වැඩවර්ජනයක් දක්වාවූ ක්‍රියාමාර්ග සැලසුම් කිරීම.


IMG 20220414 WA0007 

 IMG 20220414 WA0006

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්