රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දින කිහිපයේ ජාත්‍යන්තර සංවිධාන කිහිපයකම නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.


එම සාකච්ඡාවලදී මෙරට වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම රට තුළ පවතින විරෝධතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

හිටපු අගමැතිවරයා පසුගිය ඉරිදා (10)  ලෝක බැංකුවේ මෙරට නියෝජිතයා ද හමුවී දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා තිබේ. රජයේ නිලධාරීන් ලෝක බැංකු නිලධාරීන් සමඟ සාකච්ජා පැවැත්වීමට පෙර මෙම හමුව සිදුව තිබීම විශේෂ කාරණයකි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මේ වසරේ ජනවාරි මාසයේදී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ජා පැවැත්වූ බව හිටපු අගමැතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.



රට දැන් බංකොලොත් වී ඇති බව රජය ලෝකයට ම කියයි



ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව රජය අඟහරුවාදා (12) නිවේදනය කළේය. රට දැන් බංකොලොත් වී ඇති බව ලෝකයට ඉදිරිපත් කරමින් ඵලදායී ලෙස විදේශ ණය පැහැර හරින බව රජය පවසයි.

ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අප්‍රේල් 12 පැවසීය.

මුදල් අමාත්‍යංශයේ එදින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ, ශ්‍රී ලංකාව ණය ආපසුගෙවීම් පැහැර හැරීමේ ආසන්න තත්ත්වයක සිටින බවයි.

සාකච්ඡා තුළින් ණය ගෙවීම් කල්දමා ගැනීමේ තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.



විදේශ ණය ලබා දෙන්නන්ට ගෙවීම් පැහැර හරින බවට රජය මීට පෙර දන්වා සිටියේද නැද්ද යන්න පිළිබඳව නීතිමය සහ මූල්‍ය අංශ දෙකෙන්ම ප්‍රශ්න දැන් මතුව තිබේ.



රජය එසේ කිරීමට අපොහොසත් වී ඇත්නම්, එම ණය ලබාදුන් ආයතනවලට ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකන් ගුවන් යානා වැනි ශ්‍රී ලංකාවේ ඕනෑම වත්කමක් අත්පත් කරගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇති බවටත්,  අනතුරු ඇඟවීම් සිදුවෙමින් පවතී.

රජය අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.  

අවසන් ලේඛනයට අත්සන් කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. 

 
The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image