ක්‍රියාත්මක කිරීමට යන අන්තර් වාර පාලනය කුමක් දැයි ජනාධිපතිවරයාගෙන් මුලින්ම දැනගත යුතු බවත්

ඊට පක්ෂයක් හැටියට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඉන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් 'ලංකාදීප'යට  පවසා ඇත.

අන්තර්වාර පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති අලුත් සංකල්පයක් හෙයින් එය කුමන ආකාරයට ක්‍රියාත්මක වන්නක් දැයි පක්ෂයක් හැටියට මුලින්ම දැන ගත යුතු වන බවද හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් දැනුම්වත් කර නැතැයි පවසන කාරියවසම්, ජනාධිපතිවරයා ඉදිරියේදී හමුවී ඒ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර තිබේ.

පක්ෂයේ මෙම ස්ථාවරය ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධවීමක් නොවන බවත් රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපතිවරයා මහ නායක හිමිවරුන්ට විශේෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට එකඟවීම සාධනීය තත්වයක් බවත් සාගර කාරියවසම් පවසයි.

අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව ගැන පක්ෂය විශේෂ අවධානය යොමු කර ඇතැයි  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.


පොහොට්ටුව 10 කණ්ඩායම මහා නායක හිමිවරුගෙන් කළ ඉල්ලීම

සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ත්‍රෛනිකායික මහා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කේ පී එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල නීතිඥ වසන්ත යාපා බණ්ඩාර වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥ උදයන කිරිදිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදය කාන්ත ගුණතිලක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් තෛනිකායික මහනාහිමිවරුන් වෙත පිළිගන්වමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත .

එම ලිපියේ මෙසේද සඳහන් වේ

lklsdf

‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘

මෙසේ පොහොට්ටු පක්ෂය අන්තර්කාලීන ආණ්ඩුවකට පක්ෂව හා විපක්ෂව දෙකඩව තිබියදී , නව අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


අන්තර් පාලනය විහිළුවක් - ජවිපෙ

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ, අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ය.

රටේ සමස්ත ජනතාව සති ගාණක සිට පාරට බැහැලා ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ සහ අගමැතිවරයාට මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තේරුමක් නොමැති බව පවසන ජවිපෙ ලේකම්වරයා, පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමඟියක් හදාගැනීමට නොහැකිව තිබියදී සර්ව පාක්‍ෂික අන්තර් පාලන ගැන කථා කිරීම හාස්‍යය දවන බව ද සඳහන් කරයි.

 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්