ඉදිරියේ දී බිහි කිරීමට යෝජිත අන්තර්කාලීන ආණ්ඩුව ‘ජාතික එකගතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කරයි.

එම ආණ්ඩුව ඉක්මනින් ම පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදාළ කමිටුව නම් කර මේ වන විට ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු අනුමැතිය ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් පිරිසයි.

ඉදිරියේ දී බිහි කිරීමට යෝජිත ආණ්ඩුව 'අන්තර්කාලීන ආණ්ඩුව' ලෙස පළමු වරට යෝජනා කර තිබුනේ පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමයි. ඒ, එම කණ්ඩායම අප්‍රේල් 08 වෙනිදා ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු ලිපියක් මගිනි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතින බව එම ලිපිය මගින් අවධාරණය කර තිබු පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම, සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබිණ.


විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් !


'අන්තර්කාලීන ආණ්ඩුව' යන නම ප්‍රකාශයට පත්වුණේ වත්මන් අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්ව වහාම ගතයුතු පියවර ක්‍රියාත්මක කර මාස කිහිපයක් ඇතුලතදී මහ මැතිවරණයක් පවත්වන තෙක් පවත්වාගෙන යනු ලබන තාවකාලික ආණ්ඩුවක් ලෙසයි.

මෙසේ 'අන්තර්කාලීන ආණ්ඩුව' යන නම සංශෝධනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ අලුත් ආණ්ඩුවට එක්වීමට සාකච්ජා පවත්වමින් සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් මත එවැනි පියවරක් ගෙන ඇති බවයි.

මස කිහිපයක තාවකාලික ආණ්ඩුවකට එක්වීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අකමැත්ත පළකර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලුම පක්ෂ නායකයන්ට මේවනවිට දැනුම් දී ඇත.



සබැඳි ලිපිය :


ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි



 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්