ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතින බව අවධාරණය කරන පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී
කණ්ඩායම, සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

රට අරාජිකතාවයෙන් ගොඩගැනීම සඳහා යෝජනා 11ක් ද ඔවුන් විසින් අද දහවල් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණ.

පසුගිය 05වෙනිදා සිට පාර්ලිමේන්තුව ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්ක්කර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති මෙම යෝජනමලවට අත්සන් කර තිබේ.

එම ලිපිය පහත පරිදි වේ.  


අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අතිගරු  ජනාධිපතිතුමනි,


සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතියි. රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්වය හමුවේ සියළු භේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිති.

එබැවින් පක්ෂ භේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැලැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වාසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සනක් තබන ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් වෙනුවෙන් අපි අවධාරණය කරමු.



ඒ සඳහා පහත සඳහන් පියවර වහාම ගත යුතු බව අපි යෝජනා කරමු. එකී පියවර මගින් මහජන අසහනය දුරු කර ජන ජීවිතය යථා තත්වයට පත් කර තමන් කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම සඳහා පරිසරය නිර්මාණය කළ යුතු බව අපි විශ්වාස කරමු.



1). ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම.

2). අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂය පඨය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.




3).ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.



4. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.

5).  ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම.

6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම.

7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම.

8). ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජතෙල්, ගෑස්, පොහොර හා අනෙක්තු කෘෂිකාර්මික යෙදුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

9). පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම.

10). විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම.

11). අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමඟ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයින්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස හයක කාල සීමාව තුළ දී සකස් කිරීම.
 
 
WhatsApp Image 2022 04 08 at 3.29.27 PM
 
 
The Leader TV අද වීඩියෝ 

 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්