leader s

දේශපාලන විවේචන ඉවසන ශිරාල් පුද්ගලික දඩයමකට ලක්වන්නේ නම් කොන්දේසි විරහිතව ඊට එරෙහි වන බව ආචාර්ය මහේෂ් හපුගොඩ පවසයි.



ශිරාල් පුද්ගලිකව විවේචනයට භාජනය වනු මා දුටුවේ නැත. එහෙත් දේශපාලනිකව ඔහුව විවේචනය වනු දුටිමි. එසේ දේශපාලනිකව විවේචනය වීම ඔහු විසින් පවා ඉවසන බව දන්නා නිසා ඒ ගැන වද වෙන්නට නොගියෙමි.

දේශපාලනය කරන කියන අප විවේචනය වීම අපේක්ෂා නොකරන්නේ නම් දේශපාලනය නොකර සිටිය යුතුය.

නමුත් ශිරාල් පුද්ගලිකව ගෙන පුද්ගලික තලයක ගොදුරක් වී ඇත්නම් කොන්දේසි විරහිතව එයට එරෙහි වෙමි.

ශිරාල් කුමන ආකෘතියකින් හෝ කුමන මතවාදයක් සහිතව හෝ දේශපාලනයේ සිටිය යුතු මතවාද දරන්නෙකි. ශිරාල්ට විසම්මුතීන් සමඟ වැඩකළ හැකි විසම්මුතීන් සහිතවම සංවාදයේ යෙදිය හැකි දියුණු මිනිසෙකි.

තමන්ගේ අවකාශය අනුන්ට දීමට සහ ඒ නිසාම අනිකා අවකාශයක් හදාගන්නා බව දැන දැනම තම අවකාශය පරිත්‍යාග කිරීමට මැලි නොවන්නෙකි. එය දුර්ලභ ගුණයකි.

1037527112shiral
මම ඔහුට ආකර්ෂණය වන්නේ ඉහත හේතු නිසාවෙනි. මම වරෙක ඔහුට කිව්වේ ඔහුගේ නායකත්වයෙන් දේශපාලන ව්‍යාපාරයක් හදමු යනුවෙනි. ඒ සඳහා ඔහුට පසුබිමක් ඇත. හැකියාවක් ද ඇත. සම්බන්ධකම් ද ඇත.

නමුත් ඔහුගේ ඉතිහාසය තුළ ඔහුට අත්හැරිය නොහැකි මිත්‍රකම් ඇත. ඔහු දේශපාලනයට උඩින් ඒ මිත්‍රකම් නඩත්තු කරයි. ඒ බොහෝ දැනඇඳුනුම්කම් දේශපාලනයේදී ඔහුට අවාසි සහගත ය. එහෙත් ඒවා ඔහු නඩත්තු කරයි.

එයම උසස් දේශපාලනයකි.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙනි)

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil