ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (මැයි 03) කොළඹ, පදනම් ආයතනයේදී

වංචා දුෂණයන්ට අදාල ලිපි ගොනු රැසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කරන ලදී.

පාර්ම් ඔයිල් ආනයනයේදී සිදු කළ වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 6109කට ආසන්න මුදලක් අහිමි වී ඇති බව ඔහු එහිදී පැවසුවේය.

එමෙන්ම සඳ හිරු සෑයේ තැන්පත් කර තිබෙන්නේ රන් පිළිමයක් ද නැතිනම් රන් ආලේපිත පිළිමයක් ද යන්න ගැන සැකයක් මතුවන බව ද ඔහු සඳහන් කළේය. 

 

පසුගිය ආණ්ඩුවේ සහ වර්තමාන රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සහ ආණ්ඩුවට සම්බන්ධ පවුල්වළ ඥාතීන් දක්වා සිදුකල බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් මෙසේ මාධ්‍ය හමුවේ හෙළිදරව් කර සිටියේය.

පදනම් ආයතනයේ පැවති මෙම මාධ්‍ය හමුවට  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් සහභාගි විය.

මෙහිදී සභාවේ සිටි පුද්ගලයන් ලවා අහඹුලෙස ෆයිල් තෝරාගෙන හෙලිකිරීම මෙම මාධ්‍ය හමුවේ විශේෂත්වයක් විය.

මෙතෙක් ඉදිරිපත් කළ ලිපි ගොණුවල සාරාංශයක් පහතින පල වේ.

මෙතෙක් ඉදිරිපත් කළ ලිපි ගොණුවල සාරාංශයක් පහතින පල වේ.

 

# ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 3.3 ක් අයතා පරිහරණය.

# මැතිවරණයට දින කිහිපයකට පෙර ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මිලියන 4100 ක් චීන සමාගමකට ලබාදීම හා චීන සමාගම තිරු නඩේශන්ගේ සමාගමකට අයත් වෙනත් ගිණුමකට ඩොලර් මිලියන 5 ක් මාරු කිරීම හා එම මුදල් යොදාගෙන මල්වානේ ඉඩම මිලදී ගැනීම.

# එයාර් බස් ගනුදෙනුව හරහා ගුවන් යානා 14 ක් මිලදී ගැනීම සහ එහි විටිනාකම ඩොලර් බිලියන 2.2 ක් වන අතර මේ සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වෙන්නේ එවක කතානායක චමල්ගේ රාපක්ෂගේ නිවසේ.

මෙම ගුවන් යානා මිලදී ගැනීමේදී කප්පම් වශයෙන් ඩොලර් මිලියන 16ක් යෝජනාවී ඇති අතර එයින් ඩොලර් මිලියන 02ක් කප්පමක් ලෙස ලබාගෙන තිබෙනවා.

# හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදි කිරීමේදී සම්මත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කළ ගණුදෙනුවකින් මුදල් වංචා කිරීම.

# 2011 වසරේ සිට ව්‍යාපෘති 51ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැමැත්ත ප්‍රකාශය මත කැබිනට් අනුමැතියෙන් පමණක් සිදු කර ඇති අතර එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 7918ක්.

# හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඩොලර් මිලියන 6.5ක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා අමෙරිකාවේ CIA නියෝජිතයෙකුට ලබාදී ඇති අතර අදාළ CIA නියෝජිතයා වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අසමත්වීම නිසා මේ වන විට අමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන තිබීම.

# යෝෂිත රාජපක්ෂගේ ඉඩම් ලයිස්තුව ගැන හෙළිදරව්ව සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේපළ ලයිස්තුවක් සම්බන්ධයෙන්ද මෙහිදී හෙළි කළේය.

# 2015 ජනාධිපතිවරණයේදී එවක අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන යොදා ගැනීම සම්බන්ධයෙන්ද අනාවරණයක් කළේය.

# විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ බිලියන තුනක් අනුමැතියකින් තොරව වියදම් කිරීම.

# ඇවන්ගාඩ් ව්‍යාපෘතිය හරහා රජයට ලැබෙන මුදල නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් විසින් සියයට 25 සිට 17 දක්වා අඩු කිරීම තුළිත් සිදුවූ වංචාව මෙන්ම හිටපු අල්ලස් කොමිසමේ සභාපති දිල්රුක්ෂ ඩයස් අල්ලස් කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කළේ මෙම පරීක්ෂණය සිදු කිරීම හේතුවෙන් බවද අනාවරණය කළේය.

# හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වත්කම් හා දේපළ පිළිබඳව හෙළිදරව්වක් සිදු කළ අතර එහිදී මහින්දාන්ද අලුත්ගසැල් දෙකක්ද ඇති බවට හෙළි කිරීම.

# සඳහිරු සෑයේ තැන්පමගේට සිංගප්පූරුවේ බැංකු ගිණුම් දෙකක් ඇති අතර එසේම කටුනායක ගුවන් තොටුපොළේ තීරුබදු රහිත වෙළඳත් කිරීමට ලබාගත් රත්‍රන් පිළිබඳ හෙළි කිරීම.

# වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය යහපාලන සමයේ සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන තුනක මුදලක් අවභාවිතා කිරීම.

cghg


අනුරගේ චෝදනාවට මෛත්‍රීගෙන් උත්තර

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසින් පවත්වනු ලැබූ මෙම මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පවුලේ අයට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුද්ගලික ලේකම් වන සමීර ද සිල්වා විසින් එම ලිපිය නිකුත් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද එය පළකර තිබේ.

එහි දැක්වෙන්නේ,

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ එම පවුලේ උදවිය හට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් යම් කොටසක් බෙදාදුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවය.

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඉදිරියේදී මෙම ද්වේශසහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ ලිපියෙන් දැනුම්දී තිබේ.


සජිත්ට එරෙහි චෝදනා ගැන ...

හිටපු සංකෘතික අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මධ්‍යම සංකෘතික අරමුදලේ කෝටි 2500 ක් අවභාවිතා කල බවට මෙම මාධ්‍ය හමුවේදී  අනුර දිසානායක මන්ත්‍රීවරයා කල අනාවරණය මුළුමනින්ම අසත්‍ය බව සජබ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

 


 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්