1200 x 80 DMirror

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් කොළඹ

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන විරෝධතාවයට අදට දින 25ක් සපිරෙද්දී තවත් විරෝධතාවයක් අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය අසල මේවන විට දින 8ක් තිස්සේ පැවැත්වෙයි.

මෙම පසුබිම මැද, සමගි ජනබලවේගය අද (මැයි 3) ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබීය.

අද සවස එම විශ්වාසභංග යෝජනා සමගි ජනබලවේගය විසින් භාර දෙනු ලැබුවේ කතානායක නිල නිවසේදීය.


විශ්වාසභංග යෝජනාවේ චෝදනා මොනවද ?

# අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහික වගකීමට සහ උත්තර දීමට බැදී සිටින නමුත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය එම සාමූහික වගකීම සහ උත්තර දීම පැහැර හැර ඇත.

# පාර්ලිමේන්තුව සතු මුදල් බලය ආණ්ඩුව අත්තනෝමතික ලෙස පවරා ගැනීම සහ රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ආණ්ඩුව පැහැර හැරීම.

# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුවද, ජීවන තත්ත්වයෙහි නිරන්තර ප්‍රවර්ධනය අත්කර දීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු නමුත් ආණ්ඩුව විසින් නීතිවිරෝධී ලෙස හා අත්තනෝමතික හා සදාචාර වි⁣රෝධී ලෙස එම වගකීම පැහැර හැරීම.
වංචාවට දූෂණයට මුල්තැන දෙමින් රාජ්‍ය මූල්‍ය අත්තනෝමතික ලෙස හා ගජමිතුරන්ට වාසි ලැබෙන ලෙස මෙහෙයවීම නිසා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය සහිත රට බවට පත් කර රට බංකොලොත්භාවයට පත්කිරීම.

# රසායනික පොහොර තහනම වැනි අත්තනෝමතික තීරණ නිසා කෘෂිකර්මාන්තය විනාශ මුඛයට ඇද දමමින් ආහාර හිඟයක් ඇති කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව නැති කිරීම.


ජනතාවගේ ඉල්ලීම් පාවාදෙන්නේ කවුද, දැන් වටහා ගන්න පුළුවන්

මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජයග්‍රහණය උදෙසා අද තීරණාත්මක පියවරක් තැබූ බවත් ඒ අනුව විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමගි ජන බලවේගය ජනතා අපේක්ෂාවන් සමග කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ජනතා අපේක්ෂාවන් පිළිබිඹු කෙරෙන විශ්වාසභංග යෝජනාවලට අත්සන් නොකරන සහ සහයෝගය නොදෙන මහජන නියෝජිතයින් කවුදැයි ජනතාවට හදුනාගත හැකි බවද පැවසීය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙක අද (03) කතානායකවරයාගේ නිල නිවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාර දුන් අතර එම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සහභාගී වුහ.

(BBC සිංහල සේවය)

 

 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය