1200 x 80 DMirror

පාර්ලිමේන්තු වට රවුම අසල ‘හොරු ගෝ ගම’ නමින් නව ගම්මානයක් ස්ථාපනය කර තිබේ.



කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විසිර ගිය අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් යළි ත් ඒකරාශී වී ඊයේ (මැයි 5) රාත්‍රී පොල්දූව මංසන්ධිය අසල අට්ටාල ඉදි කළහ.

ඒ අනුව ඔවුන්, තාවකාලිකව ඉදි කළ එම අට්ටාලවල ඊයේ රාත්‍රිය පහන් කළ අතර විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක ය.

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ, මන්ත්‍රීවරුන් අද (මැයි 6) පාර්ලිමේන්තුව වෙත පැමිණෙන තුරු ඔවුන් එම ස්ථානයේ රැඳී සිටීමට විරෝධතාවයේ නිරත වීමට නියමිත බව ය.

‘හොරු ගෝ ගම’ ස්ථාපනය කිරීමත් සමග බොහෝ පිරිස් එම ස්ථානයට එක් රැස්වුණු අතර ඊයේ රාත්‍රිය පහන් වන තුරු ම දාරානිපාත වර්ෂාවද නොතකා ඔවුහු විරෝධතාවල නිරත වූහ.

මැදියම් රැයේ විරෝධතා ගී ප්‍රසංගයක් ද සංවිධානය කර තිබිණ.

horu go gama 1horu go gama 2

එහි සිටින විරෝධතාකරුවන් වෙත ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට ද පිරිස් කටයුතු කර තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමන ඊයේ දහවල් දොළහට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ විය.

අනතුරුව ඔවුහු පාගමනින් පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන පොල්දූව මංසන්ධිය වෙත පැමිණියහ.

එහිදී විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළා දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළහ.

මෙම විරෝධතාව සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සාමාජිකයින් තුන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

 horu go home 3
horu go gama 4
horu go gama 5
horu go gama 6
horu go gama 7
horu go gama 8
horu go gama 9

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය