theleaderlk 01

ලබන සිකුරාදා (13) තෙක් ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් නොකරන බැවින් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ලිට්‍රෝ සමාගම

ජනතාවට දැනුම් දී සිටී.

එහි සභාපති විජිත හේරත් පවසන්නේ, ලබන සිකුරාදා තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත්, කාර්මික කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කෙරෙන බවත් ය.

මේ අතර අවශ්‍ය ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවත් ඒ අනුව ගෑස් නැව් දෙකක් එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා අපේක්ෂාවෙන් සිටින බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් සදහන් කරයි.

එම ගෑස් තොග ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර දිවයිනට ළගාවීමට නියමිතව ඇති බව ලිට්‍රෝ සභාපති විජිත හේරත් වැඩිදුරටත් පැවසීය.

 Leader Whats app