1200 x 80 DMirror

සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

පවසයි.

සෞඛ්‍ය සේවාව ද අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් පැවසීය.

ඔහු සඳහන් කළේ, සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම තීරණය ගෙන ඇති බව ය.

ගෝල්ෆේස් අරගල බිමේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ඔහු මේ බව පැවසීය.

මේ අතර, සාමාන්‍ය මහ ජනතාවගේ සාමකාමී විරෝධතාවට එල්ල වූ ‘ම්ලෙච්ඡ ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස’ හෙට (මැයි 10) පෙරවරු 8 දක්වා වහාම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු රැස්වීමේදී ඔවුන් මේ තීරණය ගෙන ඇත.

හෙට පැවැත්වීමට නියමිත හදිසි විධායක සභා කමිටු රැස්වීමේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාම පිළිබදව තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය