ප්‍රජාන්ත්‍රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස්

අලහප්පෙරුම පවසයි.

නිදහසින් පසු අප මාතෘ භූමිය මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අසීමිත පීඩනයකට පත්ව සිටින මෙම අවස්ථාවේ සියලු පුරවැසියන් පක්ෂ, පාට බේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවසිලිවන්තව පොදු එකඟතාවයකට පත්විය යුතු බවද ඔහු කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් කරමිනි.



එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


අළු මතින් නැගිටිමු !


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාසයක් පමණ කාලයක් සාමකාමීව පැවැත්වූ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩූවේම ඇතැමුන් 'මදාවිවාදය' ආදේශ කරන්නට යාමේ ප්‍රතිඵල වශයෙන් නීතිය රහිත (lawless) රටක් බවට අප මාතෘභූමිය වේගයෙන් පත්වෙමින් තිබේ.

එබැවින්, එම ශිෂ්ටසම්පන්න උද්ඝෝෂණයට එරෙහිව එල්ල කළ අශිෂ්ට ප්‍රහාරය දැනටමත් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දැනටමත් කළු අකුරෙන් මූද්‍රණය කොට අවසන්ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට අර්ථයන් පෙරදැරි කරගත් විවේචනයන්ට පිළිතුරු ලබාදිය යූත්තේ ද එම උතුම් මූලධර්මයන් මත පිහිටා බව ද සියලූ දේශපාලකයන් ද සිවිල් සමාජය ද අළු දූලී මතින් හෝ අවබෝධකරගත යූතුය.

එසේම, මෙම ක්‍රියාදාමයට ප්‍රතිචාර දක්වන නියාවෙන් රට පුරා නිවාස ගිනිබත් කරමින් පැතීරීයන ප්‍රතිසාහසිකත්වය පෙන්නුම් කරන්නේ මේ රටේ දේශපාලනය ගමන් කරමින් තිබෙන භයානක දිශාවේ තත්වයයි. මේ සිදුවීම් දාමයට මැදිව, ඝාතනය වූ නිර්ව්‍යාජ ගැමියකු වූ අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ජීවිතය මේ හෝරාවේ සිදුවු බේදජනක ක්‍රියාවන් අතර බියකරුම සිහිවටනයකි.




නිදහසෙන් පසූ අප මාතෘභූමිය මූහූණදුන් උග්‍රතම ආර්ථික අර්බූදය හමූවේ ජනතාව අසීමිත පීඩනයකට යටත්ව සිටින මෙම තීරණාත්මක නිමේෂයෙදී, රටට අසීමිතව ආදරය කරන සියලූම පූරවැසියන්ගෙන් පක්ෂ, පාට භේදයකින් තොරව මනූෂ්‍යත්වයේ නාමයෙන් ඉල්ලිමක් කරන්නට මම කැමැත්තෙමි. එනම්, නීතියේ ආධිපත්‍ය, මහජන ආරක්ෂාව, සමාජීය සාමය බිඳවැටී තිබෙන මේ මොහොතේ අප සියලූ දෙනාම ප්‍රකෝපකාරී සහ හිංසාකාරී හැසිරීම් වලට ඉක්මන් නොවී, සන්සූන්, සාමකාමී සහ අවිහිංසාවාදී හැසිරීම් රටාවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලාංකීය හැගීමෙන් පොදූ එකගතාවකට පැමිණිය යූතු බවයි.



නොබෙදමින් එකලෙස ආදරය කරන තම දූ පූතුන්, අරමුණූ පිල් වෙනූවෙන් බෙදෙමින් එකිනෙකා තලමින් පෙළමින් මීට පෙර ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී මූදා හළ ප්‍රචණ්ඩත්වයේ අනිසි ප්‍රතිඵල සදාකාලිකව විඳවන ලක් මාතාව මේ මොහොතේත් මහවැලි ගංගාවට වඩා කඳූළු ගංගාවක් මූදාහැරි රටක් බව රහසක් නොවෙයි.

සිදූවූ සිද්ධි දාමයන් පිළිබඳව සියලූම සාධාරණිකරණයන් අභිබවා, මනූෂ්‍යත්වය ප්‍රමූඛ කරගනිමින් පෙළගැසෙන්නට අවැසිම මොහොත මේ වන විට එළැඹ ඇති බව අප සියලූ දෙනාම වටහාගත යූතුයි.

විශේෂයෙන්ම, රටේ අනාගතය වෙනූවෙන් සහ එම අනාගතය අයිති අපේ දරුවන් වෙනූවෙන්, හැගීම් අවනත කරමින්, සිහිබුද්ධියෙන් තීරණ ගනිමින්, අධිෂ්ඨානපූර්වකව මේ අභාග්‍යසම්පන්න හෝරාව පසූනොකළහොත්, මට, ඔබට සහ අපට පාක්ෂිකව හෝ ගැටෙන්නට රටක්, අනාගතයක්, පරපුරක් ඉතිරි නොවනූ ඇත.

එම නිසාම, අද අපේ චර්යාව ඉතිහාසයේ ලියවෙන්නේ කළු පාටින් ද සූදූ පාටින් ද යන්නෙහි තීරකයා ද වන්නේත් අපමයි. එබැවින්, තවකාලිකව බෙදී වෙන්ව තුවාල වූවත්, සදාකාලිකව එක්ව සූවපත්ව නැගී සිටිය හැකි ශිෂ්ටසම්පන්න ජාතියක් මේ පින්බිම මත නොනැසී ජීවත් වන බව මේ මොහොතේ අප දෙස නෙත් නොහෙළා බලා සිටින ලෝකයාටම පෙන්වන්නට අපි සියල්ලෝම මෙය අවස්ථාවක් කර ගනිමූ.

සහෝදර පූරවැසියනි, අපි අළු මතින් නැගිටිමූ.'' 

 

Leader Whats app

 

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්