ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක පත් කර තිබේ.


2015-2019 යහපාලන ආණ්ඩුව ‍යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද සමන් ඒකනායක, මෙවර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලබන්නේ සිව් වෙනි වතාවටයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ගත් ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.

වසර තිහක් ඉක්ම වූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ සහ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්‍යාලයේද සේවය කර ඇත.

 

 


Leader Whats app

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය