ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වෙමින් ඇත්තේ, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය උසාවියට කරුණු ඉදිරිපත් කලවිට

කණිෂ්ඨ විනිශ්චයකාරවරුන් විසින් ඒවා ප්‍රතික්ෂේප කිරීම නිසා යයි චෝදනා කරමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස්, අගවිනිසුරුට ලිපියක් යොමුකර ඇතැයි වාර්තාවේ.

එම කාරණය අනාවරණය වුයේ හිටපු අධිකරණ ඇමැතිවරියක වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේ දී අද සිදුකළ ප්‍රකාශයකිනි. ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය.

"මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් ලියලා. පසුගිය 12 වනදා ලියලා තියෙන්නේ."

"මේ සිද්ධිය සිද්ධ වුණේ පොලීසිය ගිහින් උද්ඝෝෂණ නවත්වන්න නියෝග ඉල්ලනකොට ඒවා කණිෂ්ඨ විනිශ්චයකාරවරු විසින් ප්‍රතික්ෂේප කරපු නිසා කියලා. කවුද මේ පුද්ගලයා. එතුමා යන්න ඕනේ නීතිපතිතුමා යටතේ."

"මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා.  ඒකාධිපතිවාදය පතුරවන්න ගිහින් රටම ගිනිගොඩක් කරලා. දැන් ඊට වැඩිය හපන්නේ.. අපි 225ම පුදුම අනතුරක දාලා."

කෙසේවුවද මෙම ලිපිය ලැබීමෙන් පසු අගවිනිසුරුවරයා, වහාම ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ගන්නා ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස්ට දැනුම් දෙන්නැයි නිතිපතිවරයට දන්වා ඇතැයි වාර්තාවේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී තවදුරටත් පැවසුයේ, ඒකාධිපතිවාදය පැතිරවීමට ගත් උත්සාහය නිසා අද රටම ගිනිගොඩක් කර ඇති බවයි.  ඒ හරහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම අනතුරකට හෙළා ඇති බවද ඇය චෝදනා කරයි.



"කාටත් එක හැන්දෙන් තමයි බෙදුවේ. හැබැයි මේ තත්ත්වය ඇති කරන්න වගකිවයුතු අය කවුද කියන එක හොයන්න ඕනේ."

"කාටවත් කරදරයක් නැතුව කරපු අරගලයකට පහර දෙන්න ගිහින් තමයි මේ සිද්ධිය සම්පූර්ණයෙන් වුණේ."

"කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතු කරුණ ඒක තමයි."

"අනික පොලිස්පතිවරයාට ඉල්ලීමක් කරලා 225ට තෙල් දෙන්න කියලා. රටේ මිනිස්සු කිලෝමීටර් ගණන් පෝලිම්වල ඉන්නවා. ඇයි 225ට විතරක් තෙල් දෙන්න කියන්නේ."

"මේ වෙච්ච දෙයින් දියවන්නාවටම ඇවිත් අපි ඔක්කොමව ගිල්වලා දායි."
 

 

 

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්