නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) පෙරවරුවේ සිදු කෙරිණි.



ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.

නිමල් සිරිපාලද සිල්වා - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත - අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල  - සෞඛ්‍ය   අමාත්‍ය
විජේදාස රාජපක්ෂ -  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
වෛද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනුෂ නානයක්කාර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
නලින් ප්‍රනාන්දු - වෙළඳ, වානිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ටිරාන් අලස්-  මහජන ආරක්ෂක අමාත්‍ය


ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් ඊයේ (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ලබන අඟහරුවාදා යලි දිවයිනට පැමිණි පසු දිව්රුම්දීමට නියමිතව ඇතැයි පැවසේ.


කැබිනට් මණ්ඩලය 25කට සිමා කරයි !


ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කිරීමට ජනාධිපතිවරයා තීන්දුකර තිබේ.

 ඒ අනුව,  ඉතිරි අමාත්‍යවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත. ඔවුන්  ඉදිරි දිනකදී දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

මේ  අතර රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

නව කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වැටුප නොගෙවන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද ද අඩු කිරීමට කටයුතු කරන බව ද අගමැතිවරයා කියා සිටියේය.

 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්