වත්මන් විදෙස් විනිමය අර්බූදය සඳහා ස්ථිරසාර විසදුම් ලෙස ශ්‍රී ලංකාව අන්තර්ජාතික අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කරමු යයි #StudySrilanka

යෝජනා කර සිටියි.

එම සංවිධානයේ ප්‍රධානියකු වන කෝලිත ප්‍රනාන්දු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, රජයේ බලධාරීන් වෙත එම යෝජනාව ඉදිරිපත්කර ඇත.

එම සටහනේ මෙසේ සඳහන් වේ.

''ආසියාවේ ශිෂ්‍යයන් ඉලක්ක කර ගත් ශාඛා විශ්ව විද්‍යාල ලංකාවේ පිහිටුවන්නට යැයි ලෝකයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වලට, අගමැතිවරයා ආරාධනා කල බව දැක්වෙන සටහනක් දුටිමි. මීට පෙර ජනාධිපතිවරයාද මේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස දියුණු කල යුතු බවත්, එසේ කිරීමට අවශ්‍ය භූගෝලීය සහ සමාජයීය සාධක රැසක් තිබෙන නමුත් ඒ කාර්යය ඉටු කර ගැනීමට මෙවැනි ආරාධනා පමණක් ප්‍රමාණවත් නැත. ඒ සදහා රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම්කරණයේදි විවිධ පාර්ශ්වකරුවන් සහභාගි වෙන කමිටුවක් හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ මාර්ග සිතියම් සකස් කල යුතුය.

 

දැනටමත් විවිධ අන්තර්ජාතික විශ්ව විද්‍යාල ශාඛා කිහිපයක්ම ලංකාවේ තිබෙන බව රජය වටහා ගත යුතු අතර අන්තර්ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකර්ෂණය කර ගැනීමට ලෝකයේ අනෙක් තරගකාරි අධ්‍යාපන කේන්ද්‍රස්ථාන සමග තරග කල හැකි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.

 

ඒ නිසාම දැනට ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් නිදහස් අධ්‍යාපන අවස්ථා සැමට විවෘත කිරීම සදහා වූ කෙටි කාලින සහ දිගු කාලින රාජ්‍ය ප්‍රතිපත්තියක්, සදහා පහත මූලික ක්‍රියාමාර්ග තුන යෝජනා කරමි.


1. නිදහස් අධ්‍යාපන අවස්ථා සීමා කිරීමකින් තොරව, රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩ කඩ පහසුකම් වැඩි දියුණු කිරීම හරහා ලංකාවේ (අන්තර්ජාතික) පුද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් විවෘත කරමු. (ඒ වෙනුවෙන් සාධාරණ අයකිරීමක් පුද්ගලික පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අය කරමු. ඒ හරහා විශ්ව විද්‍යාල වඩා නවීකරණය කරන්නටත්, විදෙස් අධ්‍යාපනය සදහා වැය වෙන විදෙස් මුදල් ඉතිරි කිරීමටත් අවස්ථාව ලැබේ.)

2. ඊට අමතරව සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමටත්, එසේ නියාමනය කල ආයතන දේශීය සහ විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත කිරීම හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට තුලට ගෙන්වා ගත හැක.

3. දේශීය/විදේශීය ව්‍යාපාරික සහාය ලබාගෙන, විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පුද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා වීශ්ව විද්‍යාල වරම් හිමි කර නොගන්නා නමුත් අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා පමණක් ඉඩ කඩ සලසන ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවලට අනුබද්ධිත නව විශ්ව  විද්‍යාලයක්/ විශ්ව විද්‍යාල බිහි කිරීම හරහා ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම හරහා නව විදෙස් විනිමය ආදායම් මාර්ග නිර්මාණය කිරීම.


kolitha

#Studysrilanka #internationaleducation #EducationHub

kolitha f(කෝලිත ප්‍රනාන්දු)
Managing Director
Jeewa Education


(Kolitha Fernando ගේ ෆේස්බුක් පිටුවෙන් ..)



 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්