රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිය දී මේ වසරේ මුල් මාස 4 තුළ

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල 63 ට සහ කොළඹ විදේශ අමාත්‍යාංශය  දැවැන්ත වියදමක් වාර්තා විම  වීම කෙරෙහි අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු ව තිබේ.

මෙම වසරේ මුල් මාස හතර තුළ විදේශයන් හි ශ්‍රී ලාංකික දූත මණ්ඩල 63 ක නඩත්තු සහ වැටුප් සඳහා ඩොලර් මිලියන 13.7 ක දැවැන්ත මුදලක් වැය කර ඇත.

කාර්ය මණ්ඩලය සේවකයින් 439 ක් අදාල රටවලින් බඳවාගෙන ඇති අතර ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 852 ක් මෙම දූත මණ්ඩල වෙත යවා තිබේ.

මේ වසරේ මුල් මාස හතර තුළ විදේශ අමාත්‍යාංශය කොළඹ කාර්යාලය සඳහා රුපියල් මිලියන 359.8ක මුදලක් වියදම් කර ඇත.

ඒ හේතුවෙන්, තවදුරටත් වියදම් කපා හැරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (19) සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

ඉන්ධන තොගයක් මිලදී ගැනීමට පවා රජයට මුදල් නැති වෙද්දී මෙතරම් දැවැන්ත වියදමක් නොසලකා හැරියේ මන්දැයි මේ වන විට අගමැතිවරයා විසින්ම විමසා බලා තිබේ.

විදේශ දූත මණ්ඩලවලට අමතරව පුද්ගලයින් 643 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟින් මෙම වසරේ මුල් මාස හතර තුළ විදේශ අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 359.8 ක මුදලක් විදේශ අමාත්‍යාංශය විසින් ලබා දී ඇත.

අමාත්‍යාංශයේ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්  ඉල්ලා ඇත.

මිට අමතරව කොළඹ පිහිටි තනි දූත මණ්ඩල සහ විදේශ අමාත්‍යාංශයේ දැවැන්ත වියදම් පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

 


 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්