leader s

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක දීමෙන් පසු පිටව ගොස් ඇත.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා අද (21) පස්වරු 2.30 ට පෙනී සිට ඇති අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 7.30 දක්වා සිදුකර ඇත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ⁣සහ විශේෂ කාර්යාංශය බාර පොලිස්පති තිලක් චමින්ද ධනපාල යන මහත්වරු ද පැය හතකට අසන්න කාලයක් ප්‍රකාශ ලබා ලබාදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනේ, පසුගිය මැයි 09 වන දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර තිබෙන සාමකාමී උද්ඝෝෂණවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා ය.

මේ අතර ඉකුත් 09 වනදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 1,348 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඔවුන්ගෙන් 638 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසිය.

මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිපති සී.ඩී වික්‍රමරත්න අනිවාර්ය නිවාඩු යැවීමටත්, බස්නාහිර පළාතබාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමටත්, රජය විසින් තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා පදනම් විරහිත බව ද ඔහු පවසයි.
 

 


 

Leader Whats app

  

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්