බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මස 25 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ

අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට අද (23) යළි සිතාසී නිකුත් කළේය.

එසේම හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට අධිකරණයෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම එදින තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ, තම සේවාදායකයාට අධිකරණයෙන්  නිකුත් කළ සිතාසිය මෙතෙක් ලැබී නොමැති බවය. ඒ හේතුවෙන් තම සේවාදායකයා අධිකරණයේ පෙනී නොසිටින බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.


කීර්ති තෙන්නකෝන් ගෙන් චෝදනා වැලක් !


හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

2006 වසරේ ජුලි මස පළ වන දා සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා සිට 2015 වසරේ ජනවාරි මස 08 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමෙරිකානු එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ශ්‍රී ලංකා ජනරජයේ මුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අජිත් නිවාඩ් කබ්රාල් සාපරාධී වරදක් සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වුණි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2022 වසරේ ජනවාරි මස 18 වනදා කල් පිරිය යුතු ස්වෛරී බැදූම්කර තුළින් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500ක පාඩුවක් සිදුකිරීම මෙම පැමිණිල්ල තුළින් එල්ල කර තිබූ තවත් චෝදනාවක් වුණි.

 

මෙම සිද්ධිසිද්ධියට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල නිකුත් කළේ කාටදැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයා ටද අධිකරනයෙන් නියෝග නිකුත් විණි.

 

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සමීප ඥාතීන්  එහි තනතුරු සඳහා පත්කිරීම තුළින් රහස්‍ය තොරතුරු පිටකිරීම තුළින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතුවලින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10.04ක පාඩුවක් සිදුකරන ලදැයි අදාළ පැමිණිල්ල තුළින් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුට ලබන ජූලි මස 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නැවත සිතාසි නිකුත් කර එදින තෙක් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කළේය.

 
  

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්