ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකොට විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම ඇතුළු ඉල්ලීම්

රැගත් ජනතා අරගලයකින් පොහොට්ටු ආණ්ඩුව පසුබස්වා තිබියදී අධිකරණ අමාත්‍යවරයා විසින් ව්‍යවස්ථාවට යෝජනා කර ඇති සංශෝධනය ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ගේ නොසතුටට හේතුවී තිබේ.

අරගලකරුවන්ට එරෙහිව දියත් කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාරයකින් අනතුරුව අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූ මහින්ද රාජපක්ෂ වෙනුවට පත් කරන ලද රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිගේ බලතල අවලංගු නොකෙරෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

dfsd3342

 


විධායක ජනාධිපති ධුරයේ  බලතල ශක්තිමත් කරමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශ්ධනය හකුලා දමා ඊට පෙර පැවති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරනු ලැබූ ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිසම් තහවුරු කරන යෝජනාවක් ලෙස 21 වැනි සංශෝධනයක් ගෙන ආ යුතු බවට නීතිඥ සංගමය මෙයින් මාසයකට ඉහතදී යෝජනා කර තිබුණි.



''කලින් පැවති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රකාර ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිසම්වලට අදාළ ප්‍රතිපාදන 21 වැනි  ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිෂ්ඨාපනය කෙරෙන අතරේම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීරණාත්මක ප්‍රතිපාදන කිහිපයක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කොට නැත,'' යි නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි දෙදෙනාගේ අත්සනින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට යවා ඇති ලිපියක ලියා තිබේ.

යහපාලන සමයේ සම්මත කරගන්නා ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වලක්වා තිබූ  අමාත්‍යාංශ තමන් යටතේ තබාගැනීමට, විෂය පවරා ගැනීමට, තම අභිමතය පරිදි ලේකම්වරුන් පත් කිරීමට, පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමට සහ ඕනෑම අයකුට සමාව දීමට ජනාධිපති සතු බලය  නව සංශෝධනයෙන් නැවතත් ආරක්ෂා කර ඇති බව එම ලිපියෙහි දැක්වෙයි.

මීට ඉහතදී යෝජනා කරන ලද දහතුන් වැදෑරුම් කරුණුවල දැක්වෙන යට සඳහන් දෑද ඇතුලත් කොටගෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කරගන්නා ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩි දුරටත් ඉල්ලා සිටී.



# මහ බැංකු අධිපතිවරයාට අමතරව මුල්‍ය  මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පත් කිරීම  සඳහා ප්‍රතිපාදන

# අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිද අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම සඳහා ප්‍රතිපාදන

# ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නීතියෙන් ස්ථාපිත ආයතනයක නිර්දේශය අනුව ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ප්‍රතිපාදන

# ස්වාධීන කොමිෂන් සභාවල මූල්‍ය ස්වාධීනත්වය, පාරදෘශ්‍යභාවය සහ වගඋත්තරදායකත්වය  නංවාලීම සඳහා වූ ප්‍රතිපාදන



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් තුන්දෙනා පස්දෙනකු දක්වා වැඩි කළ යුතු බවත්, 17 වැනි සංශෝධනයෙන් දක්වා ඇති පරිදි ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරුන් ගණන 7 සිට 5 දක්වා අඩු කිරීමටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

අධිකරණ අමාත්‍යවරයාගේ සංශෝධනය රැගත් පනත් කෙටුම්පත මැයි 27 සිකුරාදා සාකච්ඡාව සඳහා වහාම සියලු පක්ෂ නායකයන් වෙත යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසා තිබේ.

erewrwe

 


 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්