ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබේ.


ඊයේ (31) රාත්‍රී කොල්කටා හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයේ ඔහු ඇදවැටී මියගොස් ඇති බව වාර්තා වෙයි.6 kk

ආරංචි මාර්ගවලට අනුව, ප්‍රසංගය අතරතුර KKට අසනීපයක් තත්ත්වයක් දැනී තිබුණ ද ඔහු එය නොතකා ප්‍රසංගය අවසන් වන තුරු ඉදිරිපත් කිරීමේ නිරත වී සිට තිබේ.

අද (ජූනි 1) ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ කේ කේ 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර "පල්" සහ "යාරොන්" යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

2000 දශකයේ මුල් භාගයේ සිට ඔහු පසුබිම් ගායනය වෘත්තියක් ලෙස ආරම්භ කළ අතර බොලිවුඩ් චිත්‍රපට සඳහා ජනප්‍රිය ගීත කිහිපයක් පටිගත කළේය.

දශක තුනක කාලයක් බොලිවුඩ් චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ KK අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් විය.

දිල්ලියේ උපත ලද KK, ඔහුගේ පළමු ගීත ඇල්බමය වන ‘Pal’ නිකුත් කළේ 1999 වසරේදී ය.

ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.




''මිනිහ ගයන් නෑ. කියනව. හඬින් කතා කියනව.'' -

(ෆේස්බුක් සටහනක්)285294577 5013493962112391 6271318578977380881 n


අමිතාබ් බච්චන්ට මොහොමඩ් රාෆි හිටිය. මිතුන්ට කිශෝර් කුමාර් හිටිය. අනූවෙ දශකෙ හැම කුමාරයටම හරියන්ට කුමාර් සානු හිටිය. ශාරුක්ට උදිත් නාරායන් හිටිය.

ඇච්ච කාලෙ මං හිතන් හිටියෙම ශාරුක්ගෙ ෆිල්ම්වල ඒ සිංදු කියන්නෙ ශාරුක්මයි කියල. උදිතය ඒ තරං ශාරුක්මයව ශාරුක්ට හයියට හිටිය. අමීර්ට ශාන් හිටිය. මදිපාඩුවට සබ්බ සකලෙටම හැමෝටම සෝනු නිගම් හිටිය.

ඔන්න ඔය අව්අස්සෙ හොඳින් කටෑරල ලව් නං ලව් නං ලස්ට් නං ලස්ට් කෑ ගහල නිලේ අල්ලන්න පුළුවන් හැඟුම් ගායකයෙක් හිටිය. සරාගී ඉම්‍රාන් හස්මිව නුරාගී රිතික්ව මනුස්සය සෑහෙන ගොඩදැම්ම. ඉම්තියාස් අලිගෙ විරාගී සිනමාපටවල ගීත පවා මිනිහ කිව්ව. මං කියන්නෙ අනික් හැමෝම ගයද්දි මෙයා කිව්ව. මිනිහගෙ වැදගත්කම ම ඒක තමයි මට අනුව.

 හොඳින් ඇහුම්කන් දෙන්න මිනිහ ගයන් නෑ. කියනව. හඬින් කතා කියනව. භාෂාව නෙමෙයි ෆීල්වෙන්නෙ මිනිහ කියන කතාවෙ තාලෙ. මිනිහ තාලෙට කතා කියනව.
සිංදගී දෝ පල් කී ...
තුහි මෙරි ශබ් හේ සුභා හේ ....
ඛුදා ජානේ ...

ඒ මම මිනිහගෙ ආසම කතා තුන. මිනිහ ගයන් නෑ. කියනව. එතකොට ඇස් පියාගෙන උනත් කතාව ඉවරවෙනකල් අහගෙන ඉන්න හිතෙනව. මං මේ දැනුත් සිංදගී දෝ පල් කී අහනව. එයා ජීවිත කතාව කියාගෙන කියාගෙන යනව. හොඳින් ම හදවත දන්න මිත්තරයෙක් සදහටම සමුගත්ත වගේ දැනෙනව. ඒත් ඔයා තාමත් එක දිගට සිංදගී කියනව.

දැන් කට පියාගෙන නිදහසේ නිදන්න ළයාදර KK !

(කසුන් මහේන්ද්‍ර හීනටිගල)


 

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්