ජනතාවගෙන් මතුවන සාධාරණ විරොධයට මුවා වී  1971,1988/89 කාලයේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම වලින් බලය අල්ලන්නට උත්සාහ කල

ආකාරයේ සැලැස්මක් යලිත් ක්‍රියාත්මක වෙමින් තිබෙනා බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එබව කියා සිටියේ, පසුගිය මැයි 30 වෙනිදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ය.

රටේ සමාජ ආර්ථික දේශපාලන ගැටලු විසඳීමේදී ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ අවශ්‍යතාවය ගැන විශේෂ කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.

"ගරු ජනාධිපතිතුමනි, මෙතෙක් මේ රැස්වීමේ කතා නොකල දෙයක් ගැන මම අවධානය යොමුකරන්න කැමතියි. මීට මාසයකට පෙර මේ රටේ තිබුන තත්වය දිහා අපි ආපහු හැරිලා බැලුවොත් අපිට ප්‍රධාන ගැටලු දෙකක් තිබුනා.

# පලමුවැන්න තමයි අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟය හා නිරන්තර මිළ ඉහල යාම් නිසා ජනතාව විශාල පීඩනයකට පත්වී බරපතල සමාජ ආර්ථික අර්බූදයක් නිර්මාණය වී තිබීම.

# දෙවැන්න තමයි පාර්ලිමේන්තුව තුළ සමහර මංත්‍රීවරුන් ස්වාධීන  වීම නිසා රජයට සරල බහුතරයවත් නැතිවන තත්ත්වයක් තුළ දේශපාලන  අස්ථාවරත්වයක්  නිර්මාණය වෙමින් තිබීම.


ජාතික එකඟතා ආණ්ඩුවක අවශ්‍යතාව !



මේ ගැටලු දෙකට විසඳුම් සොයන්න තමයි බොහෝදෙනෙක් ජාතික එකඟතා ආණ්ඩුවක අවශ්‍යතාව පෙන්වා දුන්නේ. මමත් ඒ වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්..

නමුත් පසු ගිය මැයි 9 දා මේ රටේ ඇතිවුණ භීෂණකාරී තත්ත්වයත් එක්ක අපි තවත් එතෙක් සාකච්ඡා නොවුන පැත්තක් දැක්කා.  ඒ තමයි පීඩනයට ලක්වූ ජනතාවගෙන් මතුවන සාධාරණ විරොධයට මුවා වී  1971,1988/89 කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම වලින් බලය අල්ලන්නට උත්සාහ කල ආකාරයේ සැලැස්මක් යලිත් ක්‍රියාත්මක වෙමින් තිබෙනා බව..

 

''මම පාර්ලිමේන්තුවේත් පෙන්වා දුන්නා  මැයි 9 දා උදේ ගෝල් ෆේස් සිද්ධියට මුවා වෙලා රටපුරා  භීෂණය පැතිරුවේ සංවිධානාත්මක කල්ලියක් කියලා. අද ඒ බව සාක්කි ඇතුව ඔප්පු වෙමින් තිබෙනවා. ''

 

පෙර සූදානමක් නැතිව පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 70 කට වැඩි පිරිසකගේ නිවාස පෙට්‍රල් බෝම්බ ගහලා ගිනිතියන්න බැහැ. ප්‍රාදේශී‍ය දේශපාලනඥයින්ගේත් විශාල පිරිසකගේ නිවාස වාහන විනාශ කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ඇතුලු 10 දෙනෙකුට වැඩි පිරිසක් මරා දැම්මා. බොහෝ දෙනෙකුට පහරදී බරපතල ලෙස තුවාල කලා.

 

''මහජන චන්දයෙන් පත්වූ දේශපාලනඥන්ට ගමට යන්නේ නැතුව මරණ බයෙන් හැංගිලා ඉන්න වෙනවා නම් අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. මේවාට ඉඩ දීමේ ප්‍රතිවිපාක ජනතාවටම ඉදිරියේදී අත්විඳින්න වෙනවා. මේ තත්වය තවත් භයානක වෙන්න නොදී වලක්වා ගැනීමේ වගකීම රජයට තිබෙනවා.''

 

නමුත් මම කනගාටු වෙනවා අගමැතිතුමා පත්වෙලා දැන් මාසයකට කිට්ටු උනත් කැබිනට් මණ්ඩලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති මේ උවදුර ගැන සාකච්ඡා වුන බවක් අපට දැන ගන්නට නැහැ. ඇයි මේ ගැන කලින් නොදැන සිටියේ.


ඇයී මේ ප්‍රහාරයන් වලක්වා ගන්නට බැරි වුනේ?


ඇයී මේ ප්‍රහාරයන් වලක්වා ගන්නට බැරි වුනේ?. දැන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය විධිමත්ද ? ඉදිරියේදී යලිත් වතාවක් යම් පිරිසක් මීට පෙර දෙවතාවක්ම උත්සාහ කලා වගේ භීෂණය රට පුරා පතුරවා ව්‍යවස්තාවෙන් පිට බල පෙරලියකට උත්සාහ කලොත් එය වලක්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ කොහොමද?
 
 
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, 21 වන සංශෝධනය වගේම මෙයත් ඔබ තුමන්ලා සාකච්චා කල යුතු දෙයක්. බිඳවැටුන ආර්ථිකය ගොඩ නගන්න ජනතාවට සහන දෙන්න දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි කියලා අපි හැමෝම පිළිගන්නවා.  ඒත් මේ ප්‍රශ්නය ව්‍යවස්තා සංශෝධනයකට ලඝු කරන්න එපා. ඊට එහා යන බරපතල උවදුරක් යටින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
 
 
මම ඔබතුමන්ලාට මේ අවස්ථාවේ විසඳුම් යෝජනා කරන්නේ නැහැ. නමුත් මේක කඩිනමින් තේරුම් අරගෙන කැබිනට් මණ්ඩලය තුළ ගැඹුරින් සාකච්ඡා කරන්න කියල මම ඉල්ලා සිටිනවා“ යැයි පැවසීය.

{gallery}radicalcenter2022531{/gallery}  
 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්