ජනාධිපති සමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් මරණ දඬුවමෙන් නිදහස් කරන ලද

දුමින්ද සිල්වා සිය භාරයට ගත් බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේම තවදුරටත් රඳවා සිටියි.

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (මැයි 31) පස්වරුවේ නියෝග කළ අතර ඔහු අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවට ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.  

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා පසුගිය වසරේ ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් විය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.  

එම පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වනදා පැවැත්වීමට ද අධිකරණය ඊයේ දින නියම කළේය.


ජනාධිපතිවරයාගේ ක්‍රියා පටිපාටිය විනිශ්චයට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ඊයේ (31) සලකා බැලූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කළේ, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ දී ජනාධිපතිවරයාගේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූල බවයි.

 ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන ව්‍යවස්ථාවේ අඩංගු සියලු ම ක්‍රියා පටිපාටියන් නිසි ලෙස ම අනුගමනය කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ කොට ඇති බව ද එහි දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසිය.


මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි. ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අවධාරණය කළේය.

 

කෙසේවුවද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන කියා සිටියේ, ජනාධිපතිවරයාගේ තීරණයක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ දී ජනාධිපතිවරයාගේ ක්‍රියා පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කරන ලද්දක් බව‍යි.

 


සබැඳි පුවත් :

දුමින්ද සිල්වා නවලෝක රෝහලෙන් ජපුර රෝහලට

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්