leader s

පොලිස් සැරයන්වරයකුට පහරදී තුවාල සිදුකළ යුධ හමුදා කර්නල්වරයකු නිදහස් කරන්නයි පොලිස්පතිවරයා ගෙන් බලපෑම් එල්ලවී ඇතැයි වාර්තාවේ.

පසුගියදා (ජුනි 10) කැබිතිගොල්ලැව, පුනෑව පොලිස් බල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී යුධ හමුදා වහනයක් පරික්ෂා කල පොලිස් නිලධාරීන් පිරිසකට එම වාහනයේ ගමන්ගත් යුද හමුදා කර්නල්වරයකු හා හමුදා සෙබළුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී තිබිණ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබිණ.

එසේ පොලිස් නිලධාරීන්ට පරහදුන් හමුදා සාමාජිකයින් ගෙන් කට උත්තරයක් ලබාගැනීමට පොලිසියට කැඳවා ඇති අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස පොලිස්පතිවරයා ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවී ඇතැයි පැවසේ.

සිද්ධිය ගොඩින් බේරා ගැනීම සඳහා පොලිස්පතිවරයා මේවනවිට සහකාර පොලිස් අධිකාරිවරයකු පුනෑව පොලිස් ස්ථානය වෙත යවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තවේ. 

 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්