1200 x 80 DMirror

යුද ගැටුම් වලින් දිවි ගලවා ගෙන තම ගම් බිම් හැර ගිය ත්‍රිකුණාමලයේ යුද අනාථයන්ට යළි පදිංචි වීමේ

ඉඩ ප්‍රස්ථා රජයේ නිලධාරීන් විසින් අහිමි කරනු ලබන බවට චෝදනා එල්ල වී තිබේ.

ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ පිහිටි පාන්කුලම් හි පදිංචිව සිටී පවුල් 320 කට යළි එහි පදිංචි වීම විෂය බාර ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ යුද අනාථයන් විසින් සිය ජීවනෝපාය හා මුලික අවශ්‍යතා වෙනුවෙන් සහන ලබා දෙන මෙන් ඉල්ලීමෙන් අනතුරුවයි.

1977 වසරේ ජුලි මාසයේදී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ලද මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කඳුකර දෙමළ ජනයාට එරෙහිව දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පවුල් 100 ක් කඳුකර ප්‍රදේශවලින් පළා විත් මෙහි පදිංචි වුහ.

ගාන්ධියම් ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පාන්කුලම් හි පදිංචි වූ මොවුන්ට අමතරව 1980 සහ 81 වසර වලදීද දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තවත් පවුල් ගනනාවක් මිට එක්වී ඇත.



1983 දී සහ ඉන්පසුව දෙමළ ජනයාට එරෙහිව ප්‍රදේශයේ සිංහල ජනයා විසින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පාන්කුලම් පදිංචිකරුවන්ගෙන් සමහරක් ඊට සැතපුම් දහයක් ඔබ්බෙන් පිහිටි ත්‍රිකුණාමලය නගරයටත්, තවත් සමහරු ඉන්දියාවටත් පළා ගියේ දිවි ගලවා ගැනීමේ අපේක්ෂාවෙනි.



නැගෙනහිර මාධ්‍යවේදීන් පවසන්නේ යුද්ධය නිමා වීමත් සමග පවුල් 15 ක් පමණ පාන්කුලම් පැමිණ යළි පදිංචි වු අතර ත්‍රිකුණාමලය නගරයේ විසු පවුල් ද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවනෝපාය ලෙස කෘෂි කර්මාන්තයේ නියැලීමේ අරමුණු ඇතිව සිය දෙමාපියන් විසු ඉඩකඩම් වලට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එහෙත් පාන්කුලම් යුද අනාථයන් වෙනුවෙන් සහන සැලසීමට ත්‍රිකුණාමලය රාජ්‍ය පරිපාලන නිලධාරියෝ ප්‍රතික්ෂේප කරන බවට ඔවුහු පැමිණිලි කරති.

 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය