තමන්ට සහ තම පවුලට ආරක්ෂිතව රටින් පිටව යාමට ඉඩ සලසන තෙක් සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉඟි කර ඇතැයි India Today පවසයි.


විපක්ෂය සමග සාකච්ඡා පැවැත්වෙන නමුත් මෙම යෝජනාව පිළිගැනීමට කිසිදු පාර්ශවයක් මේ දක්වා කැමැත්තක් දක්වා නැතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් India Today වාර්තා කර ඇත.

මීට දින තුනකට පෙර ජනාධිපතිවරයා කතානායකවරයාට කතා කර අද  (ජූලි 13) ඉල්ලා අස්වන බව දැනුම් දී තිබිණ.

කෙසේ වෙතත්, පසුගිය පැය 40 තුළ ඔහු අද දිනයේ සිදුවිය හැකි ඉල්ලා අස්වීම ගැන කිසිවක් සඳහන් කර නැතැයි එම වාර්තාවේ දැක්වේ.

ඉල්ලා අස්වීමට පෙර ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට රට හැර යාමට ආරක්ෂිත මාර්ගයක් අවශ්‍ය බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

අද දිනයේදී ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවුණහොත් කොළඹ තත්ත්වය තවත් උග්‍රවීමට ඉඩ ඇතැයි බව ආරංචි මාර්ග සඳහන් කළ බව India Today වැඩිදුරටත් වාර්තා කර තිබේ.


''ජනාධිපති ගෝඨාභය හරවා යවන්න ආගමන විගමන නිලධාරීන්ට බලයක් නෑ''


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීමට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් ඔහුට රටින් පිටවීමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට පළවන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

නිල වශයෙන් ධූරයේ රැදීසිටින ජනාධිපතිවරයා රටින් බැහැර යාම වැලැක්වීමේ නීත්‍යානුකූල බලයක් ආගමන හා විගමන නිලධාරීන්ට නොමැති බව ද කණුගල වැඩි දුරටත් සඳහන් කළේය.


පුවත් මුලාශ්‍රය :
Lanka president puts condition ahead of resignation, seeks safe exit for family: Sources



(mawbima.lk)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


Screenshot 2022 06 23 at 11.50.54 AM


  21

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්