leader s

ඊයේ (ජූලි 13) බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරියෙක් සහ හමුදා සෙබළෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


එම කාර්යාලය සඳහන් කළේ, ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බව ය.

තුවාල ලැබූ සෙබළා සතුව තිබූ T-56 ගිනි අවිය, ජීව උණ්ඩ 60ක් අඩංගු පතරොම් ගැබ දෙකක් අදාළ සිද්ධිය අතරතුරදී කිසිවෙකු විසින් පැහැර ගනු ලැබ ඇතැයි එම කාර්යාලය සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඊයේ සවස පාර්ලිමේන්තුවට පිවිසෙන බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ විරෝධතාවක් පැවති අතර එය පාලනය කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ උත්සාහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම අවස්ථාවේදී තුවාල ලැබූ 42 දෙදෙනකු මේ වන විට රෝගල්ගත කිරීමට ද කටයුතු කර තිබේ.



WhatsApp Image 2022 07 14 at 9.11.56 AM


අරගලකරුවන් අතර ගැටුම්… පැතුම් කර්නර්ට දැඩි චෝදනා



ඩේලි මිරර් පුවත් පත වාර්තා කරන ආකාරයට අරගලකරුවන් විසින් ඊයේ බැකෝ යන්ත්‍රයක් මගින් පාර්ලිමේන්තුව අසල පොලිස් මාර්ග බාධකය බිඳ දැමීමට කටයුතු කර ඇත.

අරගලයට නායකත්වය ලබාදෙන්නේ යැයි හැඟෙන එම අවස්ථාව රූගත කළ පුද්ගලයා පවසන්නේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් තිබූ යම් බැකෝ යන්ත්‍රයක් ඒ සදහා යොදාගත් බවත් එය නැවැත්වීමට කළ හැකි කිසිවක් අරගලකරුවන් සතුව නොමැති බවයි.

මේ අතර අරගලකරුවන් අතර කැපී පෙනෙන අරගලකරුවෙකු පවසා කියා සිටියේ පැතුම් කර්නර් නැමැත්තා පාර්ලිමේන්තුව අසලට මිනිසුන් රැස් කර අරගලකරුවන් මිය යන්නට සැලැස්වීමට කටයුතු කරමින් සිටින බවයි. පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම අරගලකරුවන්ගේ උවමනාවක් නොවන  බවද එම අරගලකරුවා පවසයි. ඔහුට අනුව පැතුම් කර්නර් නැමැත්තා ලංකාව ලිබියාවක් කිරීමට සැරසෙන බවයි.



මේ අතර ඊයේ පැවති ගැටුම් හේතුවෙන් මේ වන විට පිරිමි පුද්ගලයන් පුද්ගලයින් හැත්තෑ නවයක් සහ කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

කොළඹ ජාතික රෝහල පවසන්නේ මෙම ගැටුම් හේතුවෙන් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදාවේ එක් සෙබලෙකු සහ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පහර දීම්වලින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බවය.

මේ අතර ගෝල්ෆේස් අරගලකරුවන්ගෙන් පිරිසක් ප්‍රකාශ කළේ සාමකාමී ජනතා අරගලයේ අරමුණු විනාශ කිරීම සඳහා යම් කුමන්ත්‍රණ දියත්වෙමින් ඇති බවය. ඔවුන් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලටද චෝදනා කළේය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්