1200 x 80 DMirror

 
 

පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන

ලේකම් පුබුදු ජයගොඩ ඊයේ  (20) පස්වරුවේ පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැති ජනාධිපති පත්කිරීමේ ඡන්දය පිළිබඳව සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා කොළඹදී මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

ලක්‍ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙකක බලයක් තිබූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත්කිරීමට රටේ ජනතා බලය ක්‍රියාත්මක වූ බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

ජනත මතය පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නියෝජනය නොවන්නේ යැයි ජනාධිපතිවරයා පත්කිරීමේ ඡන්දයේදී පැහැදිළිව ප්‍රදර්ශනය කළ බව කී පුබුදු ජයගොඩ, පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හෑලුල්වට ලක්කර ඇති බව ද සඳහන් කළේය.

රටේ ජනතාවට කාලයක සිටම පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොතිබුණු නිසා ප්‍රශ්න විසඳාගැනීමට අරලිය ගඟ මන්දියර අසළට යෑමට සිදුවූ බවත් ‘බලය ජනතාව අතට’ යන සටන් පාඨ අද වන විට පාර්ලිමේන්තුව තහවුරු කර ඇති බවත් ජයගොඩ මහතා කීය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා