අද (අගෝ. 3) අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට

පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ, තමන් මැදිහත් වී එම පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ඇති බවත් ය.

ජෝසෆ් ස්ටාලින්ට මේ මොහොතේ පොලිස් ඇප ලබා දී, වරදක් සිදු වී ඇත්නම් අධිකරණය වෙත ඉදිපත් කර ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කළ බව ද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් පැවසීය.

ස්ටාලින් වෙනුවෙන් ඕනෑ ම අවස්ථාවක ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ද ඔහු අවධාරණය කළේය.

drrrt

කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් මැයි 28 වන දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ස්ටාලින් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේය.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්