තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.


උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මේ බව කීය.

හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක පැවසූයේ "ඇයි මට යන්න බැරිද? මම ආණ්ඩුවේ නැහැනේ. ඉතින් මට ඕනේ එකක් කරන්න පුළුවන්නේ. මම ආයෝජකයන් සමග ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදන විටත් ඒ දෙසත් කුහකකමින් බලනවා. මාධ්‍යයත් මේවා දැනගත යුතුයි"යනුවෙනි.


''තනතුරු ගැනීම නොව රට වෙනුවෙන් වැඩ කිරීමයි වැදගත්''


ආණ්ඩුවේ තනතුරක් බාර ගන්නවා දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් රවී කරුණානායක පැවසූයේ අවශ්‍යවන්නේ තනතුරු නොව ජනතාවට උදව් කිරීම බවයි.

ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළට සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බවද හිටපු මුදල් ඇමතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම කාලෝචිත ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්