1200 x 80 DMirror

වතු කම්කරුවකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට කම්කරු අමාත්‍යවරයා

නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා වතු සමාගම් විස්සක් විසින් ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

2021 වසරේ මාර්තු 9 වැනිදා වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර, ඊට විරෝධය පළ කරමින් ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20 ක් එම වසරේ මාර්තු 17 වැනිදා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුනි.

පෙත්සම මඟින් අදාළ සමාගම් සඳහන් කර තිබුණේ, රුපියල් දහසේ අවම වැටුප ගෙවීමට සිදුවුවහොත් වතු සමාගම් දැඩි අර්බුදයකට පත් විය හැකි බවයි.

එම නිසා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

එම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය අගෝස්තු 09 වැනි අගහරුවාදා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.


අදත් සාකච්ඡා

මෙතෙක් වතු කම්කරුවන්ට නොගෙවූ රුපියල් දහසේ දෛනික වැටුප ලබාගැනීම මෙන්ම  මේ වන විට රටේ පවතින ජීවන වියදම සැළකිල්ලට ගෙන වැටුප් ඉහළ නංවාගැනීම සම්බන්ධයෙන් අද දිනයේ වතු වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යවරයා අතර යළිත් සාකච්ඡා සිදු කිරීමට නියමිතව ඇත.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අගෝස්තු 9 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පවතින ජීවන වියදම හමුවේ වතු කම්කරුවෙකුට රුපියල් දහසක දෛනික වැටුපක් ප්‍රමාණවත් නොවන අතර එය රුපියල්  3250 ක් දක්වා ඉහළ නැංවා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බවයි.

වතු කම්කරුවෙකු දෛනිකව නෙලන තේ දළු කිලෝ ප්‍රමාණය ගණනය කර ඔවුන්ට සිදු කරන ගෙවීම නතර කළ යුතු බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කළේ දිනකට පැය අටක් සේවය කරන වතු කම්කරුවෙකු සදහා රුපියල් 3250 ක දෛනික වැටුපක් ගෙවිය යුතු බවයි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය