අලුත් 22 යටතේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුල ආණ්ඩුවේ ආධිපත්‍යය සහතික කර ඇතැයි ව්‍යවස්ථා සම්පාදන කටයුතු පිලිබඳ ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.
පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිදුකර ඇති කෙටි විග්‍රහයක් පහත පළවේ.Jayampathi 2022


'' වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවේ නව විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2022 ජූනි මස ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව කල් තැබීමට පෙර ඉදිරිපත් නොකළ බැවින් එය අවලංගු විය.



ඉදිරිගාමී පියවර:


19 වන සංශෝධනය අනුව බැලුවහොත් අගෝස්තු කෙටුම්පත ජුනි කෙටුම්පතට වඩා ඉදිරිගාමීය. 19 යටතේ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කළේ අගමැතිවරයාගේ උපදෙස් මතය. 20 වන  සංශෝධනය යටතේ එසේ උපදෙස් අනුව ක්‍රියාකිරීමක් නොවීය.


ජූනි පනත් කෙටුම්පතට අනුව අගමැතිගේ උපදෙස් අනුව පත්කිරීමේ අවශ්‍යතාවය නැවත ගෙන ආ නමුත් වත්මන් පාර්ලිමේන්තු කාලය තුළ එම විධිවිධානය අදාළ නොවන බව සඳහන් විය. අගෝස්තු කෙටුම්පතේ එවැනි සීමාවක් නොමැත.

 ජුනි පනත් කෙටුම්පතට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ කාලය තුල පාර්ලිමේන්තුවේ විශ්වාසය අග්‍රාමාත්‍යවරයාට අහිමි වී ඇති බව ජනාධිපතිවරයාගේ මතය වන්නේ නම් අගමැතිවරයා ඉවත් කළ හැකිය. එවැනි විධිවිධානයක් අගෝස්තු කෙටුම් පතේ දක්නට නොලැබේ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය


 19 වන සංශෝධනය යටතේ කතානායක, අගමැති සහ විපක්ෂ නායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් පත්වූ අතර ජනාධිපතිවරයා විසින් එක්  මන්ත්‍රීවරයෙකු නම් කරන ලදී. මන්ත්‍රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනෙක් අගමැති සහ විපක්ෂ නායක විසින් එකඟත්වයෙන් නම් කරන ලදී.

එසේ කිරීමේදී, වෘත්තීය සහ සමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹු වීම සහතික වීම පිණිස පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයන් විමසිය යුතුය. අගමැති සහ විපක්ෂ නායක අයත් පක්ෂ හැර අනිකුත් පක්ෂවල මන්ත්‍රීවරු විසින් එක් මන්ත්‍රීවරයෙකු නම් කරන ලදී.

 මන්ත්‍රීවරු නොවන සාමාජිකයින්ගේ නම් පාර්ලිමේන්තුව අනුමත කලයුතු විය. ඔවුන් සාකච්ඡාමය ක්‍රියාවලියකින් පසු අගමැති සහ විපක්ෂ නායක විසින් එකඟත්වයෙන් නම් කෙරෙන නිසා, පාර්ලිමේන්තු අනුමැතිය හුදෙක් විධිමත් කිරීමක් විය.


“වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 25ක් තරම් ප්‍රමාණයක් අයත් දෙමල ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය, ඊ.පී.ඩී.පී., වෙනත් දෙමල පක්ෂ ඇතුළු කුඩා පක්ෂ විමසීමක් නොකෙරෙනු ඇත.”


ගෝටාගේ සැලැස්ම එහෙමම

Gota Ranil FSkFPNYWUAEHAODුු

22 වන සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවන නමුත් පෙරකී සාමාජිකයින් පස්දෙනා පත් කිරීම පිලිබඳ තීරණාත්මක වෙනසක් කෙරේ. ඔවුන් පස්දෙනා පත් කරනුයේ අගමැති සහ විපක්ෂ නායකගේ ඒකාබද්ධ නාමයෝජනාවකින් නොවේ.


ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම එක් මන්ත්‍රීවරයෙකු නම් කරන අතර අනෙක් මන්ත්‍රීවරයා විපක්ෂ නායක අයත් වන පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පත් කෙරේ.

පාර්ලිමේන්තුවට පිටින් පත් කරන තිදෙනා අගමැති සහ විපක්ෂ නායකගේ ඒකාබද්ධ නාමයෝජනාවකින් නොව ඔවුන් දෙදෙනා විමසා කතානායකවරයා විසින් පත් කෙරේ. කුඩා පක්ෂ නායකයින් විමසීමක් නොකෙරේ.


මෙයින් ප්‍රශ්න කීපයක් මතුවේ. කතානායකවරයා පක්ෂග්‍රාහී නම් (එවැනි කතානායකවරුන් කීප දෙනෙක්ම සිට ඇත) පාර්ලිමේන්තුවට පිටින් පත් කරන තිදෙනාම තමන්ට අවශ්‍ය අය බවට ආණ්ඩුවට වගබලා ගත හැක. තමන්ට  බහුතරයක් ඇති බැවින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම ආණ්ඩුවට අපහසු නොවේ. මේ තිදෙනා නම් කිරීමේදී කුඩා පක්ෂ වලට භූමිකාවක් නැත. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 25ක් තරම් ප්‍රමාණයක් අයත් දෙමල ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය, ඊ.පී.ඩී.පී., වෙනත් දෙමල පක්ෂ ඇතුළු කුඩා පක්ෂ විමසීමක් නොකෙරෙනු ඇත.


තවද, වෙනස් ක්‍රම වේද මගින් පත් කෙරෙන නිසා වෘත්තීය සහ සමාජීය විවිධත්වය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹු වීම සහතික කිරීම ඉතා අපහසු වනු ඇත.

අනෙක්  අතට 19 වන සංශෝධනය යටතේ පෙරකී පස් දෙනාම පත් කරන ලද්දේ සියලු පක්ෂ නායකයින් විමසා අගමැති සහ විපක්ෂ නායකගේ ඒකාබද්ධ නාමයෝජනාවකින් නිසා එසේ බහුත්ත්ව ලක්ෂණය සහතික කිරීම පහසු විය.

ඉහළ මට්ටමේ පත්වීම් පිළිබඳ ජාතික සම්මුතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය තීරණාත්මකය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම් සහ නීතිපති සහ පොලිස්පති වැනි ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පූර්ව අවශ්‍යතාවයකි.

ස්වාධීන කොමිෂන් සභා සඳහා පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත සිදු කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනෙකුත් සාමාජිකයින් හත් දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බැවින් ඔවුන් දේශපාලනික කරුණු මත පදනම්ව කටයුතු කිරීමට ඉඩ ඇති හෙයින්, පාර්ලිමේන්තුවට පිටතින් පත් කරන සාමාජිකයින් තිදෙනාට ඉටු කිරීමට වැදගත් කාර්යභාරයක් ඇත. ඔවුන් රටටම පිළිගත හැකි සහ එසේම මන්ත්‍රීවරුන් වන සාමාජිකයින්ට මධ්‍යස්ථ බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් විය යුතුය.


ව්‍යාජ තර්කයක්


ආණ්ඩුවේ දුර්වල තර්කය ඉහතකී වෙනස පිලිබඳව ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති තර්කය වන්නේ නාමයෝජනා පිළිබඳව අගමැති සහ විපක්ෂ නායක වරයා එකඟ නොවන අවස්ථා තිබිය හැකි බවයි. මෙය දුර්වල තර්කයකි.



එකඟත්වයෙන් නම් යෝජනා කිරීමට අගමැති සහ විපක්ෂ නායක වරයා මත බලපෑමක් තිබෙනු ඇත. දහහත්වැනි සහ දහනවවැනි සංශෝධන යටතේ එකඟ නොවීමේ ප්‍රශ්නයක් කිසිවිටක මතු වුණේ නැත. එකඟත්වයෙන් නම් කරන ලද මන්ත්‍රීවරුද වගකීමෙන් ක්‍රියා කළහ.

එකඟත්වයෙන් පාර්ලිමේන්තුවට පිටින් පත් කරන ලද කීර්තිමත් පුද්ගලයන් අතර විශ්‍රාමලත් විනිසුරු ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ, විශ්‍රාමලත් විනිසුරු ලක්ෂ්මන් වීරසේකර, ආචාර්ය ජයන්ත ධනපාල, ඒ.ටී. ආරියරත්න, හිටපු නීතිපති ෂිබ්ලි අසීස්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජාවිඩ් යූසුෆ් සහ මහාචාර්ය එන්. සෙල්වකුමාරන් වැන්නන් වූ අතර ඔවුන් ජාතික එකඟත්වයකින් අදාළ ඉහල මට්ටමේ පත්කිරීම් සිදුකිරීමට දායක වූහ.



අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එකඟ නොවීමට ඉඩ ඇති බව නාමයෝජනා කිරීමේ බලය කථානායකවරයාට ලබාදීමට හේතුවක් නොවේ. 19වන සංශෝධනයේ  ප්‍රතිපාදන නැවත බලාත්මක කළ යුතු බවත් නියමිත කාලසීමාවක් තුළ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එකඟත්වයෙන් නම් යෝජනා නොකළහොත් පමණක් අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායක හා කුඩා පක්ෂවල  නායකයින් සමඟ සාකච්ඡා කර අදාළ නාමයෝජනා කිරීමට කථානායකවරයාට  බලය තිබිය  යුතු බවත් මෙම ලේඛකයා යෝජනා කරයි.


(srilankabrief.org)
 
 
 

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්