විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.


ඒ පිළිබඳ විවාදය පසුව පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාද යයි.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුන අතර එය අගෝස්තු 02දා ගැසට් කෙරින.

එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වීමට සිදුවන අතර ඊට හේතුව මෙන්ම නව ව්‍යවස්ථාවට ඇතුළත් මුලික කරුණු ගැන අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කර තිබිණ.

# 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග සහ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග මීට ඇතුළත්ය.

# ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීම නුසුදුසු භාවය මෙම සංශෝධනයට ඇතුළත් කොට ඇත.

# විපක්ෂය ඉල්ලා සිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමක් මෙමඟින් යෝජනා නොකෙරේ.


අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කල පරිදි, 22 වන සංශෝධනයේ අඩංගු 19 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මෙසේය.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (41) (ආ) අවස්ථාව):


අ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සාමාජිකයන් ලෙස පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව තෝරා ගැනීම වෙනුවට,

I) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු තෝරා ගැනීම.

2) විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අයත් දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරු විසින් බහුතරයේ එකඟත්වය මත මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම.

3) ඉහත කී දේශපාලන කණ්ඩායම් දෙක නොවන අනෙකුත් කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් විසින් බහුතරයේ එකඟත්වයෙන් මන්ත්‍රීවරයකු  තෝරා පත්කර ගැනීම.

ආ) සමාජයෙන් පත් කරනු ලබන තිදෙනා පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමකින් තොරව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇතිව නිර්පාක්ෂික විද්වතුන් පත්කර ගැනීම.



1) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම (41) ඇ)  ව්‍යවස්ථාව)

මහ බැංකුවේ අධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය. ( මූල්‍ය මණ්ඩලයේ නිල නොවන සාමාජිකයන් පත් කිරීමේදී එසේ අනුමැතිය ලබා ගත යුතු බවට ප්‍රතිපාදන 2002 මූල්‍ය මණ්ඩල සංශෝධන පනතේ ඇතුළත්ව ඇත. )




2) 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එවකට ජනාධිපතිවරයාට අන්තර්කාලීන ජාන මගින් ආරක්ෂක මහවැලි සහ පරිසර අමාත්‍යාංශය දැරිය හැකි ව තිබුණි. 22 වන සංශෝධනය මගින් එය ආරක්ෂක අමාත්‍යංශයට පමණක් සීමා කර ඇත.



3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරනු ලබන්නන් ගේ නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දින සිට දින හතක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. (121(1) ව්‍යවස්ථාව) 22වන සංශෝධනය මගින් එය දින 14ක් දක්වා දිගු කිරීම මගින් ව්‍යවස්ථා සම්පාදනයට මහජනතාවට සහභාගි වීමට ඇති ඉඩකඩ පුළුල් වී ඇත.


4) දූෂණයට එරෙහි නීති

විසි දෙවන සංශෝධනය මගින් ශ්‍රී ලංකාව පාර්ශවයක් වන දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දූෂණය වැළැක්වීමට අදාළ වෙනත් ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කරන බවට ඇති ප්‍රතිපාදන අනුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එමගින් අල්ලස් දූෂණ කොමිෂන් සභා නීතිය සහ වත්කම් බැරකම් ප්‍රකාශ නීතිය යාවත්කාලීන වනු ඇත.




5) ලේකම්වරුන්ගේ ධූරකාලය (52 ව්‍යවස්ථාව)

52(3) අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ධූර දැරීම අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට නතර විය යුතු නමුත් යෝජිත සංශෝධනය අනුව ඔවුන් දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇත.

ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරීම නුසුදුසු භාවය ඇතුළත් කොට ඇත.



20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් ගුණාංග රඳවා තබා ගැනීම:




1) 78(3) ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ දී පනත් කෙටුම්පතක ට සංශෝධන ඉදිරිපත් කිරිමේ දී පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්ම වලට පරිබාහිර සංශෝධනයක් ඇතුළත් නොකළ යුතුය යන ප්‍රතිපාදන එලෙස ම පවත්වාගෙන යනු ලැබේ.


2) 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් ශ්‍රේෂ්ඨාකධිරණය ඉදිරිපත් කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අභියෝගයකට ලක්කළ හැකි බවට ප්‍රතිපදාන සැලසුණි.

එහෙත් 20 වන සංශෝදධනයෙන් හඳුන්වා දුන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(3) අනුව ජනාධිපතිවරයාගේ විෂයකට අදාළ කාරණයක් සම්බන්ධයෙන් කුමන හෝ අධිකරණ බලය ඇති අධිකරණයක නඩු පැවරීමේ බලය ඇති බවට පුළුල් කර ඇත. එය එලෙසම පවත්වා ගෙන යනු ලැබේ.


3) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂඨාකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 ක්  දක්වා ද වැඩි කරන ලදී. එය එසේම පවත්වා ගෙන යනු ඇත.




22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කර ඇති  කාරණවන් (2022 මැයි දිනැති ලිපිය මඟින්)



1) සමගි ජන බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින්  ඉදිරිපත් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්වීමට කටයුතු යොදා ඇති බව.

එම කරුණු දෙක එකිනෙකට පටහැණිය. විධායක ජනාධිපති ධුරයේ බලය අහෝසි කළහොත් 19 වන සංශෝදධනයට පැවැත්මක් තිබිය නොහැක. මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාකරණයේ තීන්දුවේ සඳහන්ව ඇත්තේ එම කෙටුම්පත මඟින්  සංශෝධනය කිරීමට යෝජිත විශයන් 8 ම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් නොමැති ව නීතියක්  බවට පත්කළ නොහැකි බවයි.


2) 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන් ම නැවතත් ගෙන එන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව.

19 සංශෝධනය එසේම ගෙන ආවහොත් 20 වන සංශෝධනයේ අඩංගු ප්‍රගතිශීලි ප්‍රතිපාදන අහෝසි වනු ඇත.



3) 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පරිද්දෙන්ම ජනාධිපතිවරයාට කිසිඳු අමාත්‍යංශයක් දැරීමට ඉඩ නොතැබිය යුතු බව.

විපක්ෂයේ ඉදිරිපත් කල 21 සංශෝධනය පිළිබඳ නඩු තීන්දුවේත් සඳහන් වන්නේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයාගෙන් ඉවත් කළ නොහැකි බවයි.



4) 22 වන සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල 19 ට වඩා වැඩියෙන් ලබා දී ඇති බව.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති විවේචන



1) මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ අනුමැතිය ලබා ගැනීම ප්‍රතිපදාන ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.

එම ප්‍රතිපදාන 2022 මූල්‍ය මණ්ඩල සංශෝධනයෙන් පනතේ දැනටමත් ඇතුළත්ව ඇත.


2) ලේකම්වරු, පළාත් ආණ්ඩුකාරවරු සහ තානාපතිවරු පත් කිරීම අගමැතිගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට ජනාධිපති විසින් සිදුකළ යුතු බවට ප්‍රතිපදාන ඇතුළත් විය යුතු බව.

අගමැතිතුමාගේ උපදෙස් මත පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීම පිණිස 21 වන සංශෝධනයේ ඇති ප්‍රතිපදාන ජනමත විචාරණයකින් අනුමැතිය නොගෙන නීතියක් බවට පත් කිරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.



3) ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත් කරනු ලබන මණ්ඩලයකින් අනුමැතිය ලබා ගැනීමට ප්‍රතිපදාන ඇතුළත් කළ යුතු බව.


4) කොමිෂන් සභාවල ස්වාධීනත්වය, පාරදෘශ්‍ය සහ වගවීම පිළිබඳ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බව.

එම ප්‍රතිපාදන දැනටමත් ප්‍රමාණවත් ඇතුළත් ව ඇත. ඒ සඳහා තවත් ප්‍රතිපාදන අවශ්‍ය නම් එය නිශ්චිතව සඳහන් කළහොත් සලකා බැලිය හැක.

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්