leader s

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති බව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි


1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඉදිරි පියවර

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් දසවැනි පාර්ලිමේන්තුවට පත්ව සිටි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිඩ් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාරදී ඇති අතර, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.


ඉල්ලා අස්වීම බලාත්මක වන දිනය

පාර්ලිමේන්තු වැඩබලන මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත යොමුකළ නිවේදනයේ දැක්වෙන්නේ, එම්.එස්. අබ්දුල් වාහිඩ් ගේ ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ ඉදිරි පියවර

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් වාර්තා වූ විට අදාළ දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා වෙත ඒ බව දැනුම් දී, එම පුරප්පාඩුව සඳහා සුදුසුකම් ලත් වෙනත් අයෙකු නම් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් දන්වනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නම් කරන නව මන්ත්‍රීවරයාගේ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි දිනවලදී අවශ්‍ය නීතිමය පියවර ගනු ඇත.

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්