leader s

සචින් ටෙන්ඩුල්කාර්ගේ වැඩිම අර්ධ ශතක වාර්තාව බිඳ හෙලමින් එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් ක්‍රිකට් පිටියේ අසමසම පෙරළියක් සිදු කරයි.


පාකිස්තානයට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 62ත් සමගින් ලකුණු 50+ වාර්තා 110ක් සපුරා ගත් රූට්ගෙන් තවත් ඓතිහාසික කඩඉමක්.


එංගලන්තයේ ජෝ රූට් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනත් කිසිම පිතිකරුවෙකුට කළ නොහැකි දෙයක් මුදුන්පත් කරගෙන තිබෙනවා. ඒ, ටෙස්ට් තරගයක හතර වැනි ඉනිමේදී ලකුණු 2,000ක් පසු කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ටෙස්ට් තරගයක සිවු වැනි ඉනිම ටෙස්ට් පිතිකරුවෙකුගේ අවසාන පරීක්ෂාව ලෙස ක්‍රිකට් විශාරදයින් විසින් සලකනු ලබනවා. තරගය මේ අවස්ථාවට එළඹෙන විට තණතීරුව බොහෝ විට තිබෙන්නේ එහි වඩාත්ම අභියෝගාත්මක තත්ත්වයේ. ජයග්‍රාහී ඉලක්කය ලකුණු පුවරුවේ දිස්වන අතර බිඳ වැටෙන සෑම කඩුල්ලකින්ම සිදුවන්නේ ලකුණු හඹා යන කණ්ඩායම පරාජය සමීපයට ඇදී යාමයි.

එහෙත් ජෝ රූට් එම පීඩන තත්ත්වය සාර්ථක කරගෙන තිබෙන්නේ ලකුණු දෙදහසකට වැඩියෙන් වාර්තා කරමින්.

ඔහු මේ කඩඉමට පිවිසියේ එජ්බැස්ටන් හි පාකිස්තානය ට එරෙහිව පැවති තෙවැනි ටෙස්ට් තරගයේ සිවු වැනි ඉනිමේදී නොදැවී ලකුණු 62ක් රැස් කර ගනිමින්. තමාගේ කණ්ඩායමට තමාව වඩාත්ම අවශ්‍යව තිබූ මොහොතේදී ඔහු මෙසේ තවත් වටිනා දායකත්වයක් ප්‍රදර්ශනය කළා.

සිවු වැනි ටෙස්ට් ඉනිමේ වැඩිම ලකුණු

ජෝ රූට් (එංගලන්තය) – 2,059
සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව) – 1,625
ඇලස්ටෙයාර් කුක් (එංගලන්තය) – 1,611
ග්‍රෑම් ස්මිත් 9 (දකුණු අප්‍රිකාව) – 1,611
ශිව්නරීන් චන්ඩර්පෝල් (කොදෙව් දූපත්) – 1,580


ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවත් බිඳ දමයි

එජ්බැස්ටන් තරගයේ රූට් නොදැවී සටහන් කළ ලකුණු 62න් තවත් විශේෂ අවස්ථාවක් නිර්මාණය වුණා. එම ඉනිම ඔහුගේ 69 වැනි ටෙස්ට් ක්‍රිකට් අර්ධ ශතකය වූ අතර ඒ සමග රූට් අර්ධ ශතක සඳහා වන සමස්ත-කාලීන ලැයිස්තුවේ ඉහළටම පිවිසියේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව මකා දමමින්. ටෙන්ඩුල්කාර් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් කළේ අර්ධ ශතක 68ක් සමගයි.

රූට් දැන් අර්ධ ශතක 69ක් වාර්තා කරමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අතර ඔහුට පිටුපසින් ටෙන්ඩුල්කාර් (68) සහ ශිව්නරීන් චන්ඩර්පෝල් (66) සිටිනවා. ඇලන් බෝඩර් (ඔස්ට්‍රේලියාව) හා රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව) අර්ධ ශතක 63 බැගින් සටහන් කර තිබෙන අතර ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං අර්ධ ශතක 62ක් ඔහුගේ නමට එකතු කරගෙන සිටිනවා.

මේ වාර්තාවේ තවත් විශේෂ කරුණක් තිබෙනවා. රූට් ඔහුගේ අර්ධ ශතක 69 ලබා ගත්තේ ටෙන්ඩුල්කාර් ට ඔහුගේ අර්ධ ශතක 68 ලබා ගැනීමට අවශ්‍ය වූ ටෙස්ට් ඉනිම සංඛ්‍යාවට වඩා අඩු ඉනිමවලින්.

රූට්ගේ 110 වැනි ලකුණු 50+

රූට්ගේ නොදැවුනු ලකුණු 62ක එජ්බැස්ටන් ඉනිම ඔහු ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් සටහන් කළ ඔහුගේ 110 වැනි ටෙස්ට් ඉනිම බවට වාර්තා වනවා. ඊට ශතක 41ක් සහ අර්ධ ශතක 69ක් ඇතුළත්ව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්