සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂ ගණනාවක්

නියෝජනය කරන මන්ත්‍රීන් 16 දෙනෙක්  තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලනඅංශ ආරංචි මාර්ග කියයි

එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශත්, ජාතික ලැයිස්තුවත් නියෝජනය කරන අය බව සඳහන් වේ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනකු ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයි ද සඳහන් වේ.


කෙසේ වෙතත් එළඹෙන සතිය අවසානයේ සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන පක්ෂවල අවසන් තීන්දුව ගන්නා බවත් ඉන් පසුව එන සතියේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන බවත් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර 'දේශය' පුවත්පතට පවසා ඇත.
 
 
 
කුමන ප්‍රචාර පැවතියත් තමන් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබාගෙන ආණ්ඩුවට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක 'දේශය'ට පවසා තිබේ.  ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු කමිටුවක සේවය සඳහා අවස්ථාව ලැබුණොත් එවැන්නකට අකමැත්තක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.
 
 
 
පොහොට්ටුවේ දිසා නායකයින්ට ඇමැතිධූර ඉල්ලයි


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන දිස්ත්‍රික්ක නායකයන් 16 දෙනකුට කැබිනට් අමාත්‍ය ධුර ලබාදිය යුතු යැයි එම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

මෙයින් ඇතැම් අයට දැනටමත් තාවකාලික අමාත්‍ය මණ්ඩලයේ ඇමැති පදවි හිමිව තිබේ.

මේ අයට අමතරව එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක යන මන්ත්‍රීන් මෙම නිර්දේශිත නාමාවලියේ නම් සඳහන් මන්ත්‍රීන් අතර වන බව වාර්තා වෙයි.

එසේ වුවද මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුමගේ නම මෙම ලේඛනයට ඇතුළත් නොවේ. හම්බන්තොට දිස්ත්‍රික් නායකයා චමල් රාජපක්ෂ මහතා වුවද ඔහු ද අමාත්‍ය ධුරයක් භාර නොගනු ඇතැයි සඳහන්ය.

(deshaya.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්