රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක

කෙරෙන සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද (15) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ පොදු දේපල දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු එලෙස ඇප මත මුදා හැරියේය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියම කළේය .

මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය.

අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.

එසේම, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළව ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 26 වන දා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.


 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image