භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි.


චීන නෞකාවට අද (16) සිට දින 7 ක් හම්බන්තොට වරායට පිවිසීමට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවසර ලබා දුන්නේ විවාදාත්මක තත්ත්වයක් තුළයි.

චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ (15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට පිවිසියේ ය.

'යුවාන් වැන්ග් 5' නෞකාවට මීට පෙර පසුගිය 11 වෙනි දා සිට 17 වැනි දා දක්වා නැවත පිරවීමේ පදනම මත හම්බන්තොට වරායට පිවිසිමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදුන්න ද ඉන්දියාවේ විවිධ පාර්ශ්ව මතුකළ විරෝධතාවලට සමාන්තරව එම අමාත්‍යාංශය චීනයෙන් ලිඛිතව ඉල්ලා සිටියේ නෞකාවේ පැමිණිම ප්‍රමාද කරන ලෙසය.

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීමට හේතුව ප්‍රසිද්ධ කළේ නැත.

එම ලිපිය නිකුත් කරන විට පසුගිය මස 14 වැනි දා චීනයෙන් පිටත්වී මසකට ආසන්න කාලයක්ගත කරමින් යුවාන් වැන්ග් 5 නෞකාව ඉන්දීය සාගරයට ද පිවිසී තිබුණි.

ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කිරීම නතර කළ චීන නෞකාව පසුගිය දින කිහිපයගත කළේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් සාගර අභ්‍යන්තරයේ පිහිටි නයින්ටිඊස්ට් රිඩ්ජ් කඳු පන්තිය ආශ්‍රිතව යාත්‍රා කරමිනි.



මොකද්ද මේ යුආන් වැන්ග් 5 නෞකාව?




යුආන් වැන්ග් 5 නෞකාව YUAN WANG 5 (IMO: 9413054) නෞකාව යනු 2007 (වසර 15 කට පෙර) ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවකි.

එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 11000 වන අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර පළල මීටර් 25.2 කි.

යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි.

චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී.

2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වූ නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ.

චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි.

 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්