රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා

විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ දී අද (16) පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාම මෙම කැබිනට් පත්‍රිකාවේ අරමුණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී ඇතැයිද සජිත් ප්‍රේමදාස පැවසීය.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද ඔහු කියා සිටියේය.

රට ගොඩ නගනවා මුවාවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බැවින් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

විපක්ෂ නායකවරයා එම කරුණු සඳහන් කළේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (16) පැවති ''ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුවට'' එක් වෙමිනි
 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්