වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ආගමන විගමන

දෙපාර්තමේන්තුව පවසයි.

අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා පියුමි බණ්ඩාර සඳහන් කළේ ඊයේ දිනයේ ස්ථාන කිහිපයකම ඇය පිළිබඳ සොයා බැලු බවයි.

එහෙත් ඇයව සොයා ගැනීමට නොහැකි වු බව මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය. කේලි ෆ්‍රේසර්ව සොයා ගැනීමට මේවන විට විමර්ශන ක්‍රියාත්මක බවද ඇය පැවසුවාය.

"වීසා නැතිව ඉඳීම වරදක්" ඇය කියා සිටියාය. ඒ අනුව ඇයව සොයා ගැනීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් කඳවුර වෙත කේලි ෆ්‍රේසර්ව යොමු කෙරෙනු ඇත.


ka 1

අරගලය පිළිබඳ Instagram ඔස්සේ වාර්තා කළ මෙම බ්‍රිතාන්‍යය තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසු ඇයගේ වීසා අවලංගු කෙරිණි.

ඒ , වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනි.

අනතුරුව තමාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා කේලි ෆ්‍රේසර් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනුකළ අතර අගෝස්තු 16 වැනිදා පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණ.

කේලි ෆ්‍රේසර් ව සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඉන් අනතුරුවයි.


ලිංගික අපයෝජනයකට ලක් වෙලා !

 

කෙසේ වෙතත් ඇය මීට දින දෙකකට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් අනාවරණය කර තිබුණේ ඇය මෙරටට පැමිණි මුල් අවස්ථාවේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක දී ලිංගික අපයෝජනයකට ලක් වූ බවටයි.

 

ඒ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ බවත්, පොලිසිය කළ කැඳවීමකට අනුව පොලීසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසට තමාට බලපෑම් කළ බවටත් ඇය චෝදනා කර සිටියාය.

එවැනි අපයෝජනයක් සිදු නොවූ බවට ලිපියක් ලබා දෙන ලෙසට තමාට බලපෑම් එල්ල වූ බවද ඇය එම වීඩියෝ සඳහන් කර තිබුණි.


පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේ ඇයි ?


ඇය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කල පෙත්සම ප්‍රතික්ෂේප වුයේ, ඒ, පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවක් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බවට තීරණය කරමිනි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසට කර තිබූ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර සිටියේ ය.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ පෙත්සම කැඳවනු ලැබිණ.

හේතුවක් නොදක්වා වුව ද වීසා අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අභිමතානුසාරී බලයක් ආගමන හා විගමන පාලකවරයාට ඇති බවට ‍ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් තහවුරු කර ඇති බව විනිසුරුවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ නාගාහනන්ද කොඩිතුවක්කු හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ අමසරා ගජධීර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කාරිය පෙන්වා දී තිබුණේ, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධීයැ යි තීන්දුකොට, එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අගෝස්තු 12 වැනිදා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කරනු ලැබුවේ පසුගියදා කරන ලද විමර්ශනයකින් අනතුරුවය.

insta a

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිලී ෆීසර්ට රටින් පිටවන ලෙස දන්වා එවූ ලිපිය තම ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ පළකළ තුබූ අයුරු



සබැඳි පුවත් :
වීසා අවලංගු කළ බ්‍රිතාන්‍ය තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්

වීසා කැන්සල් වූ බ්‍රිතාන්‍ය තරුණිය අරගලය ජාත්‍යන්තරයට ගෙනයයි !

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්