ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝම්බර් මස 31දා මහනුවර ක්වීන්ස් හොටලේදී පැවැත්වෙන උත්සවයක

දී එළිදැක්වීමට නියමිත බව එම ප්‍රතිපත්ති ප්‍රකාශය කෙටුම්පත් කිරීමේ කමිටුවේ ප්‍රධානි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් එදින උදැසන මල්වත්තු - අස්ගිරි පාර්ශවයන්හි මහ නායක හිමිවරුන් වෙත එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත් පිළිගැන්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යවරයා, මෙවර 2015ටත් වඩා බොහො ප්‍රගතශීලී, නිර්මාණශීලී සහ රටේ තරුණයන්ගේ කාන්තාවන්ගේ රටේ පුරවැසියන්ගේ අනාගතය ගැන අවධානයෙන් බලන මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන බව  පැවසිය.

 රාජපක්ෂලාගේ සුරංගනා කතා වගේ නෙමෙයි :අපි මෙවරත් කියන දේ කරනවා

 ''අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය 31 වැනිදා මහනුවරදී එළිදක්වනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වගේ නෙවෙයි. මම මේ කතාකරන්නේ රාජපක්ෂලා මේ ඊයේ පෙරේදා නිකුත් කරපු එක විතරක් නෙවෙයි. 2005 දී අලුත් රටත් කියලා ඉදිරිපත් කරා. 2010 දීත් ඉදිරිපත් කරා.

මේ හැම ප්‍රතිපත්ති ප්‍රකාශනයකම කියපු දේවල් නෙවෙයි කෙරුනේ. කියන්නේ එකක් කරන්නේ එකක්. ජනාධිපති ධූරය (විධායක) අහෝසි කරනවායි කිව්වා 2005 දී. ඒ විතරක්  නෙවෙයි විවිධ දේවල් දුන්නා. ජනතාවගේ පඩි වැඩි කරනවා කිව්වා පෝෂණ මල්ලක් දෙනවයි කිව්වා.

මේ වගේ පොරොන්දු මාලාවක් දුන්නත් මට ඔප්පු කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ඒ කියපු පොරොන්දු වෙනුවට බලයට ආවට පස්සේ කරේ තමන්ගේ බලය තහවුරු වෙන ඒකාධිපතිත්වයත් තහවුරු වෙන තමන්ගේ පවුල් බලය ස්ථාවර වෙන නින්දිත ඒකාධිපති තීන්දු මිසක් කියපු දේවල් නෙවෙයි.

ඒ වගේම සුරංගනා කතාවක් තමයි මේ වතාවෙත් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් අපි පොඩ්ඩක් බලන්න අති ශ්‍රේෂ්ඨ අති විශිෂ්ට මැතිවරණ ප්‍රකාශනයක් අපි 31 වෙනිදා නිකුත් කරනවා.

 ඒවගේම පසුගිය 2015 නිකුත් කරපු මැතිවරණ  ප්‍රකාශනයෙන් මේ වෙනකොටත් සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක් අපි ඉටු කරා වගේම අපි මෙවරත් කියන දේ කරනවා.

මෙවර 2015ටත් වඩා බොහොම  ප්‍රගතශීලී, නිර්මාණශීලී සහ රටේ තරුණයන්ගේ කාන්තාවන්ගේ  රටේ පුරවැසියන්ගේ අනාගතය ගැන අවධානයෙන් බලන මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ. ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්