1200 x 80 DMirror

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව,

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී අද (28) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

හදිසි නිතිය හකුලා ගන්නා ලෙස විරෝධතාකරුවන් රජයට බලකර සිටියහ.

රනිල් - රාජපක්ෂ සදාචාර විරෝධී, ජනවරම අහිමි ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවත්, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන ලෙසත් බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

විදුලි කප්පාදුව , ඉන්ධන , ගෑස් සහ ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම මේ සියල්ල නිසා ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා සිටින අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනාතවගෙන් පැනනගින මූලික අයිතීන් වන, සාමකාමී රැස්වීම් , අදහස් ප්‍රකාශ කිරීමේ, පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත් මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරනය පැනවීම, සාමකාමී විය යුතු නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩි ලෙස බලකරන බව උද්ඝෝෂකයෝ කියා පැහ. 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය