හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (02) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔහු විමල් වීරවංශ අමාත්‍යවරයා පදිංචිව සිටි නිල නිවසේ තාවකාලිකව පදිංචිවීමට තීරණය කර ඇත.

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එම නිවාස අවට මේවනවිටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාසයේ අග භාගයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණද ආරක්ෂක හේතූ මත පැමිණීම කල් ගියේය.

ගෝඨාභය රාජපක්ෂ විදේශගතවූ මොහොතේ සිට ඔහු සමග රැඳී සිටි ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරගේ උපන් දිනය අදට (02) යෙදී තිබු අතර හිටපු ජනාධිපතිවරයා අද දහවල් ඔහු වෙනුවෙන් තායිලන්තයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබිණ.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ස්වාමින් වහන්සේලා කිහිපනමක් හා මැති ඇමතිවරු රාශියක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට යාමට නියමිත බව වාර්තාවේ. 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්