1200 x 80 DMirror

අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතැයි

වාර්තාවේ,

අධිකරණයට රැගෙන යන අවස්ථාවේ ඇය මෙලෙස පැවසීය.

"රට වෙනුවෙන් අරගල කළේ. මිනිස්සු වෙනුවෙන් අරගල කළේ. අපි අරගලය දිනනවාමයි."

දමිතා අබේරත්න ඊයේ පස්වරුවේ, අත්අඩංගුවට ගත්තේ, 'කළු හොරාව' යන තේමාවෙන්  පාර්ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතාවකදීයි.

පොලිසිය පැවසුවේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවිම සහ අයුතු ජනරාශිය යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර කොටුව පොලිසියේ රඳවා සිටි දමිතා අබේරත්න හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද උදෑසන පොලිස් ස්ථානයට ගොස් තිබිණ.



 

''කුදු වෙන පිරිමි ඉන්න රටක දමිතා ඔයා හයිය ගෑණියක්'' - Mahesh Hapugoda


දමිතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතිකාචාර්ය මහේෂ් හපුගොඩ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටිය.

තව සිය දහස් ගණනක් ඒකට එකතු උණා.

කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.

අවුරුදු හැත්තෑවක් කුදු කරපු අපේ ආත්මේ මේ නිශ්චිත මොහොතෙන් පස්සේ තව දුරටත් කුදු ගස්සල තියන්න බැහැ කියල උන්ට තේරෙනවා ඇති. උන්ට ඉව තියනවා. ඒක නිසයි මේ පරාණ බය.

කුදූ කියල දිව පැටලුණේ අහම්බෙන් නෙවෙයි. කෙළින් වගේ පෙනුනට උන්ගේ ආත්මේ කුදු හින්ද. ඒක තමයි සත්‍යය.

වැරදි වැරදි දිව පැටලි පැටලි උච්චාරණය කරන්න හදන්නේ ඒ සත්‍යය. තමන්ගේ ආත්මයේ ඇත්ත.

ව්‍යාජ පියවරුන් ඉස්සරහා තුනට හතරට කුදු වෙන පිරිමි ඉන්න රටක දමිතා ඔයා හයිය ගෑණියක්. එකෙන්ම ඉන්නවා ඔයත් එක්ක සහෝදරි.

සියවස් එක හමාරක් ගතවෙලත් මේ කුදු ගැහිච්ච රටේ ෆ්‍රොයිඩ් හරි.''

304963672 10225385704444092 4648506500357963581 n

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය