එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඊයේ (12) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ අතර එම සැසිවාරය ලබන මස 07

වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් හා ඊයේ එහිදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ අපරාධකාරිත්වය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙතෙක් පැවති ප්‍රමුඛත්වය යටපත්වී, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා ඒහා බැඳුනු දේශපාලනඥයින්ගේ වංචා දුෂණ ඉස්මතු විය.

අද (13) දිනයේ මුලතිව් හි පැවති මාධ්‍ය හමුවකදී ද එම කාරණය ප්‍රකාශවිය.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අසමත්වීම ගැන මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති මරියසුරේෂ් ඊශ්වරී සහ ලේකම් ප්‍රභාකරන් රංජනා එම මාධ්‍ය හමුවේදී අද සිය බලවත් අප්‍රසාදය පළ කළහ.

"යුක්තිය ඉල්ලා අපි කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගෙ සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රජාව ගැන විශ්වාසය තබාගෙන බව ඒ අය දන්නවා. එහෙම පසුබිමක් තුළ, මේ අය නොවැදගත් ප්‍රශ්න ගැන කතාකරමින් මනුෂ්‍යත්වය සහ මිනිස් අයිතිවාසිකම් මුල්කරගත් අතුරුදහන්වූවන් හා දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු නොකිරීම අපිට වේදනාවක්." මරියසුරේෂ් ඊශ්වරී එමමාධ්‍ය හමුවේදී පැවසුවාය.



jds 22ee
jds dgdh


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්